Wednesday, February 25, 2009

පළුදු වූ මිතුදම...

3 අදහස්
මඩ ගොහොරක් වන් මෙ දියතේ.........
නෙළුම් මලකැයි සිතූ ඔබ.........
සොහොයුරු පෙමක අරුත වටහාදුන් ඔබ.......
නොකල වරදකට මගෙ.......
දඩුවම් දෙන්නේ කිම.......
කිව මැන සබද මට............


මම එචචර කවි ලියන්න හපනෙක් නොවේ. ඒත් අද මට හිතුන මගේ හිතේ තියෙන කවි සිතුවිල්ලක් ලියල දාන්න.මේක හොදද කියලනම් මම දන්නෑ ඒත් ඉතින් මොනව කරන්නද මගේ හිතේ තියෙන දේවල් නෙ.
Read more

Monday, February 23, 2009

හිතන්නට යමක්

0 අදහස්

~~~මෙය උපුටාගන්නා ලද්දකි~~~
Read more

Saturday, February 21, 2009

"මනෝ පුබ්බඟ්ගමා ධම්මා......."

6 අදහස්
"මනෝ පුබ්බඟ්ගමා ධම්මා" කිව්වම අපිට එක පාරටම මතක් වෙන්නෙ දහම් පාසලේදි අපි ඉගෙනගත්ත ධම්මපදය.එනම් සෑම දෙයකටම මුල මනස කියන එකනෙ.එත් ඉතින් මනස කියන්නෙ මොකද්ද? මටත් තියෙන්නෙ ඔයවගේ ප්‍රශ්න තමයි. හැබැයි ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙත් මනසින්ම නෙ. මම ඕකට උත්තර හොයද්දි මට එක එක විදියෙ උත්තර ලැබුනා.සමහරු ඇහුව "උඹට පිස්සුද බන්?" කියල.ඉතින් මම එක එක විදියට ඒ ප්‍රශ්නෙ compile කළා.

ප්‍රත්‍යක්ෂයක් තියෙන්නෙ මිනිස්සුන්ට හෝ ප්‍රාණීන්ට. ප්‍රත්‍යක්ෂයේදී වැද්ගත් වන්නේද මනසයි.ලෝකෙ ප්‍රශ්න හදගන්නෙත් විසදගන්නෙත් මනසට සාපෙක්ෂව එකිනෙකගේ පරිකල්පනයට අනුව නෙ.උදාහරණයක් විදියට නිව්ටන්ට පොල්ගෙඩියක් වැටීම ගුරුත්වාකර්ෂණය උනාට අයින්ස්ටයින්ට ඒක අවකාශ-කාල වක්‍රතාවය විදියටයි දැක්කෙ.එනම් බටහිර දාර්ශණිකයන්ට අනුව පොල්ගෙඩිය වැටීම එක්කො ගුරුත්වාකර්ෂණය එහෙමත් නැත්තම් අවකාශ-කාල වක්‍රතාවය එත් ඔවුන් එහිදී මනසෙ බලපැම ගැන නොසිතයි එනම් ඔව්න්ට අනුව පොල් ගෙඩියක් වැටීම මනසින් ස්වායත්ත වෙයි.
බටහිර එක් මතවදින් පිරිසක් එනම් විඥානවාදීන් (මනස ප්‍රධාන වන අතර ද්‍රව්‍ය මනසේ නිර්මන බව විස්වස කරන පිරිස) ට අනුව පවතින්නෙ මනස පමණකි. එය ඔවුන්ගෙ ස0ස්කෘතියට අනුව පරම මනසක් හෙවත් දෙවියන් වහන්සේගේ මනස විය හැක.එනම් මනස හැර අන් සියල්ලම මනසේ නිර්මාණ බව ඔවුහු සිතති.එහෙත් සින්හල බෞද්ධ ස0ස්කෘතියට අනුව අප එසේ නොසිතිය යුතුය.
අපේ පොල් ගෙඩිය බටහිරයන්ට පොල් නොව coconut ය අපේ පුටුව ඔව්න්ට chair ය.එනම් අපගේ පුටුව යන ස0කල්පය අපට අනන්‍යවුලෙස අපෙ ස0ස්කෘතිය තුල අප විසින් නිර්මාණය කෙරී ඇත.පුටුව යනු එහි ගුණ වල එකතුවක් මිස පවතින දෙයක් නොවේ.එනම් පුටුව යනු එහි ඇති ගුණ අනුව මනස විසින් නිර්මාණය කරගන්නා ලද්දකි.
පුටුව, ගස, බල්ලා, පොල් ගෙඩි පමනක් නොව මනසද මනසේම නිර්මාණයකි.එනම් මනස යනුවෙන් යමක් (සමවෙන්න "යමක්" කියුවම ද්‍රව්‍යවදි අදහසක් ඇති වෙ. මට වෙන වචනයක් මතක් වෙන්නෑ.) පවතින්නේද නැත.නමුත් මනස නොමැතිව වෙනත් ධර්ම පවතින්නේද නැත.මනස නිර්මාණය කෙරෙන්නෙ අනෙක් ධර්ම අධාර කරගෙන නොවේ.එනම් මනසද මනස විසින් නිර්මාණය කළ නොපවතින්න්කි.

මේක කියෙව්වාම ගොඩක් ප්‍රශ්න එන බව මම දන්නව මොකද සමහර දේවල් පරස්පර විරෝදී දේවල් වගෙ පේන්නෙ අනේ එහෙම මොනවහරි තියෙනවනම් මට දන්වන්න.

තෙරුවන් සරණයි !!!
Read more

Friday, February 20, 2009

ජීවිතය................

4 අදහස්
හ්ම්.... ඊයෙ ස්ටැට් නම් ඉවර උනා හැබැයි මට නම් අවුල් මොනව කරන්නද ඉතින්. කමක් නෑ දැන් මම නිදහස් නෙ ඒක නිසා බ්ලොග්ස්පොට් පැත්තෙ ආව හිතේ තියෙන පිස්සු විකාර ටිකක් ලියල යන්න.

ජීවිතය කියන්නෙ මහා පුදුමාකාර දෙයක් වෙලාවකට ඒක ආතල් සාගරයක් තවත් වෙලාවකට කදුලු ගඟක් මේක තමයි මට දැනෙන සරලම විදිය. ඉතින් මමත් ඔය ජීවිතය කියන මිරිඟුව පස්සෙ දුවල හති වැටුණම, යන්තම් හුස්මක් කටක් ගන්න තමයි බ්ලොග්ස්පොට් පැත්තෙ එන්නෙ මොකද මගේ හිතට නිදහසක් දැනෙන්නෙ හිතේ තියෙන දේවල් කොහෙහරි ලියුවම. වෙලවකට මට මේ ජීවිතෙ ගැන මහා විකාර දේවල් තමයි හිතෙන්නෙ එව්ව කිවුවොත් මට පිස්සු කියල හිතෙයි. කොහොමහරි ජීවිතෙ කියන්නෙ රෝස මල් යහනක් නෙමෙයි කියල මම පොඩි කාලෙ අහල තිබ්බට එක මොකද්ද කියන එක හරියට තේරෙන්නෙ දැන් තමයි. දුක, සතුට, නින්දා, ප්‍රසන්සා, යස, අයස, ලාභ, අලාභ මේ විදියට හැමදේම අපිට මදි නොකියන්නම හම්බ වෙනව ඒකනෙ බුදු හාමුදුරුවොත් මීට අව්‍රුදු 2550 කට කලින් කියුවෙ.
ජීවිතය කියන්නෙ ගන්ඟාවක් වගෙයි කියල සමහරු කියනව මට ඇහිල තියෙනව ඒත් ඉතින් ගන්ඟාව නම් මුහුදට ගිහින් නතර වෙනව ඒත් අපේ ජීවිතය?????? මිනිස් භාවයක් ලබනව කියන්නෙත් ලේසි දෙයක් නෙමෙයි නෙ ඉතින් කට්ට් කගෙන හරි මේ ජීවිතය කියන දේ විදවන්නෙ නැතුව විදිනවනම් ඒක කොච්චර දෙයක්ද?

තෙරුවන් සරණයි !!!!
Read more

Tuesday, February 17, 2009

මගේ වතගොත....

5 අදහස්
මගේ කලින් බ්ලොග් එක කියවපු අය සමහර විට මම ගැන නොදන්නව වෙන්න පුලුවන් මොකද මට මම ගැන විස්තරයක් දාන්න බැරි උනා නෙ। අනේ එකට මට සමාවෙන්න।
හොදයි එහෙනම් මම අද මම ගැන පොඩි විස්තරයක් කියන්නම්।ඔන්න එහෙනම් අහගන්නකෝ......

මම ක්‍රි।ව එක් දහස් නවසිය අසූ අටේ නොවැම්බර් මාසෙ පස් වෙනිද ගාල්ලෙදි තමයි ඉපදුනෙ තාමත් මේ බ්ලොග් එක ලියන වෙලවෙත් මම ජීවත් වෙනව। ඊට පස්සෙ මගේ ගම ඒකියන්නෙ හම්බන්තොට තමයි පොඩි කාලෙ ජීවත් උනේ ඒ කියන්නෙ මම පහ වසරෙ ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වෙලා තමයි කොළඹ ආනන්ද විද්‍යාලයට ආවෙ එදා ඉදන් මම මේ වෙනකන් කොළඹම තමයි ජීවත් වෙන්නෙ කොහොමවුනත් නිවාඩු වට වගේ ගම පෙත්තෙ ගිහින් එනව।
මම ඉස්කෝලෙ ඉගනගන්න කාලෙ කවදවත් හිතුවෙ නෑ මේ විදියට කොම්පියුටරේට කොට කොට ඉදිවිය කියල। ඒත් උසස් පෙළ විභාගෙන් පස්සෙ මොකද මන්ද මට ජාවා කරන්න හිතුනා කොහොමහරි එතකොට මට කොම්පියුටර ගැන මහ දැනුමක් තිබ්බෙත් නෑ (දැන්නම් යන්තම් පොඩ්ඩක් දන්නව) කොහොමහරි අමාරුවෙන් ජාවා ටික ගොඩ දාගෙන ඉන්න අතරෙ තමයි මම කැම්පස් තේරුනේ।ඉතින් මම සතුටින් ආව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිඝනක අධ්‍යනායතනයට ඉතින් දැන් මගේ ගෙදර කැම්පස් එක තමයි।

ඉතින් ඔය මම ගැන පොඩි විස්තරයක් හ්ම්........... එහෙනම් මගේ කොලමට මම දිගටම ලියන්නම් ආසනම් කියවන්න නැත්තම් ඒත් කියවන්න කියවල මොනවහරි තියෙනවනම් මට ඒකත් කියන්න.

එහෙනම් ඔක්කොටම,

තෙරුවන් සරණයි !!!
Read more

Monday, February 16, 2009

Stat බාල්දිය

1 අදහස්
හා හා පුරා කියල ඔන්න ඉතින් මමත් මගේ තියෙන පැහිච්චකමට සිoහලෙන් බ්ලොග් එකක් ලියන්න ගත්ත। අද ඉදන් මගේ විකාර අදහස් මෙතනදි කියවන්න පුලුවන්.
අපිට් බ්‍රහස්පතිදට ස්ටැට් නෙ ඉතින් මටත් හිතුන කුප්පියක් දාගන්න මොකද මට ස්ටැට් එච්චර දිරවන්නැති නිසා මෙලෝහසරක් තේරෙන්නෑ।ඉතින් මම අද උදේ හයට නැගිටල 138 බස් එකක නැගල දෙයියනේ කියල කැම්පස් එකට ගියා කුප්පියක් දාගන්න. කොහොමහරි කුප්පි දාන කට්ටිය ටිකක් ප්‍රමාද වෙලා හරි (වෙලාවට) ආව.ඔන්න කොහොමහරි කුප්පිය කරගෙන ගියා කියමු. මොනව කරන්නද මගේ තියෙන ගොන් කමටද මන්ද හරියට තෙරුන්නෑ හැබැයි අපරාදෙ කියන්න බෑ කුප්පිය නම් එළටම කරා.
ඒත් ඉතින් මම වෙනුවෙන් ඒ අය වෙච්ච මහන්සිය දැක්කම මට මම ගැනම ලැජ්ජයි මොකද අරුන් අච්චර මට තෙරුන් කරන්න මහන්සි වෙද්දිත් මට තෙරුන්නෙති නිසා। ඔහොම කුප්පිය කරගෙන යද්දි ඉතින් අපේ ස්‍යිකො ඩයල් වලට (මමත් ඇතුලුව)
නිකන් ඉන්න බෑ නෙ।ඔන්න ඉතින් එකෙක් පිස්සුවක් කෙළින කොට අනිත් උන් ටිකත් ෆෝම් වෙලා එනව। පව් එතන හිටපු අහිOසක කෙල්ලො දෙන්න උන්ට අපි නිසා උන්ගෙ වැඩක් වත් කරගන්න බැරි උනා। කොහොම කොහොම හරි කුප්පියත් ගජරමෙට ගියා එත් ඉතින් මට නම් අවුල්। මොනව කරන්නද "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" නෙ। එක නිසා මට ස්ටැට් බැරුව ඇති ඒත් ඉතින් රිපිට් වෙන්නත් බැරි නිසා හෙට උදෙ නැගිටල අරුන් කියල දීපු විදියට ස්ටැට් ටික ගොඩදාගන්න ඕන නැත්තO අපරාදෙ උන්ගෙ මහන්සිය.
හ්ම්................ අදට ඇති හෙට ස්ටැට් ගොඩදාල රෑ ට බ්ලොග්ස්පොට් පැත්තෙ එන්නම්।
එහෙනම් හැමොටම

බුදු සරණයි!!!!!
Read more

Sunday, February 15, 2009

ආයුොබවන්!!!!!

2 අදහස්
මටත් අේන බ්ොලග් 1 ක් ලියන්න හිතුන ශාකුන්තල අය්යට ස්තූති කරන්න ඔන ඒකට හැබැයි තාම මම මුකුත් ලියන්න හිතුවෙ නෑ......... ළගදිම ොමනව හරි ලියනව.......
Read more