Sunday, December 6, 2009

මොකක්ද මේ Zen coding ?

1 අදහස්
Zen කිව්වම මොනාද එකපාරටම මතක් වෙන්නෙ ? මහායාන බෞද්ධ දර්ශණයට අදාල ඉගැන්වීමක් එහෙම නේද? හැබැයි මම අද කියන්න යන්නෙ සෙන් බෞද්ධ දර්ශණය ගැන නං නෙමෙයි. වෙබ් ඩිසයිනින් වැඩ වලට ගොඩක් දුරට සහය වෙන අළුත් තාක්ෂණයක් ගැන තමයි අද මම කියන්න යන්නෙ. මේ Zen coding කියන ක්‍රමය පාවිච්චි කරල විශාල CSS/HTML codes ඉතා පහසුවෙන් ලියාගන්න පුළුවන්.
උදාහරණයක් විදියට


<div id="content">

<h1></h1>
<p></p>

</div>

වගේ code එකක් අපිට

div#content>h1+p

වගේ පොඩි code එකක් පාවිච්චි කරල ලබාගන්න පුළුවන්.මේ plugin එක Aptana, වලට සම්පූර්ණවශයෙන්ම සහය දක්වන අතර GEdit වලටත් මෙම plugin එක තියනව.
බාගත කරගැනීමට :

Aptana
TextMate(Mac)
GEdit

zen coding එච්චර අමාරු වෙන එකක් නෑ. වැඩි විස්තර මෙන්න මෙතනින් බලා ගන්න
හොදයි එහෙනං මම ගිහින් එන්නං 
Read more