පරිගනකයක් පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ගෙ ආසවක් තමයි මේ හැක් කරන එක. විශේෂයෙන්ම GMail,Yahoo,FaceBook වගේ දෙයක් හැක් කරන එක ගොඩ දෙනෙකුගෙ අවශ්‍යතාවයක් වෙලා තියෙනව මේ ගැන ජංජාලෙ හොයල හොයල තමංම හැක් වෙච්ච අය ගැනත් අපි අහල තියෙනවනෙ ;). අද මම GMail (මේ ක්‍රමය අනෙක් ඕනෑම වෙබ් අඩවියක් සඳහා වුවද පාවිච්චි කරන්න පුළුවන්) හැක් කරන පොඩි ක්‍රමයක් ගැන...හැබැයි මෙය අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් යොදාගන්නවනං තමයි හොඳ.
මෙම ක්‍රමය යොදාගෙන අපිට ඕන හැම account එකක්ම හැක් කරන්න බෑ.(ඒ නිසයි මම blog එකේ මේක ලියන්නෙ ;) ).මෙම ක්‍රමයෙදි අපි යොදාගන්නෙ කවුරුත් දන්න mailinator.com කියන අඩවිය භාවිතා කර GMail (හෝ ඕනෑම) ගිණුමක් නිර්මාණය කළ අයව හැක් කිරීමයි.(මුලින්ම mailinator ගැන දන්නෙ නැත්තනං මෙතනින් කියවල බලන්න).
පළවෙනි පියවර :
ඔබේ වෙබ් බ්‍රවුසරයෙන් gmail.com වෙතට යන්න. එහි can't access your account යන්න තෝරාගන්න.
දෙවන පියවර :
i forgot my username යන වරණය තෝරා username recovery page යන link එක තෝරන්න. එහි email යන තැනට අහඹු ලෙස email ලිපිනයක් යොදන්න (එවිට එම email ලිපිනය භාවිතා කරමින් සෑදූ gmail usernames අපට ලබා ගත හැකි වේ.) උදා: andy@mailinator.com (විවිධ විවිධ නම් මම භාවිතා කල අතර මෙයින් මට email ලිපිනයක් ලබාගත හැකි විය..;) )
තුන්වන පියවර :
mailinator.com වෙත පිවිස එහි inbox එක සෙවීමට ඔබ කලින් භාවිතා කළ නම ලබාදෙන්න.
උදා: andy
ඉන්අනතුරුව google username assistance යටතේ ලද ඊමේලය බලන්න එහි. andy@mailinator.com (හෝ ඔබ භාවිතා කළ නමට) අදාල GMail usernames ටික ලැබේ.ඉන් එකක් තෝරාගන්න.
හතරවන පියවර :
යළි GMail cannot access my account වෙත ගොස් මෙවර i forgot my password යන වරණය තෝරාන්න. එහි password recovery page වෙත පිවිසෙන්න.
පස්වන පියවර :
username යන තැනට ඔබ තෝරාගත් ඊමේල් ලිපිනය ලබාදී ඉන් අනතුරුව ලැබෙන පිටුවෙහි Change your password by sending an email to your recovery address යන්න තෝරා යළි පෙර පරිදි mailinator inbox වෙත ගොස් අදාළ නමින් inbox වෙත ගොස් බලන්න. :)
ඔන්න ඕකයි ක්‍රමේ... මේකෙන් ඉගෙන ගන්න තියෙන්නෙ අපි account එකක් හදද්දි ඒ සඳහා mailinator වගේ සේවාවන් භාවිතා කිරීම භයානකයි කියන එක තමා.. මේ ක්‍රමය මම දන්නා තරමට facebook හි භාවිතා කරන්න බෑ මොකද facebook හි @mailinator.com account ඔවුන් විසින් ලියාපදිංචි නොකරන නිසා..




