Featured

බ්ලොග් එක ගැන..

මේක මගේ එකම බ්ලොග් එක නෙමෙයි. ඇත්තම කිව්වොත් මම තව බ්ලොග් 5-6 ක්ම ලියනව ඒත් ඒවයින් වැඩි හරියක් කඩ්ඩෙන් අනික මම සිංහලෙන් ලියපු පළවෙනි බ්ලොග් එක තමයි මේක. අනික් බ්ලොග් බලන්න ආසනං මගේ profile එකට රිංගල බලන්න මගේ බ්ලොග පැත්තට ආවට ස්තූතියි !!

Tuesday, August 17, 2010

Windows 7 ට හිම දිවි ඇඳුම අන්දමු.

11 අදහස්

ඇපල් කිව්වම අපි කවුරුත් දන්න දෙයක් තමයි ඔවුන්ගෙ ප්‍රධානම මෙහෙයුම් පද්ධතිය වන Mac OS අපි කවුරුත් ඒ මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන්න කොච්චර ආස වුවත් අපේ වැඩි පිරිසකට ඒ අවස්ථාව උදා වෙලා නෑ මොකද ඇපල් පරිඝනක සමාන්‍යයෙන් මිලෙන් ටිකක් වැඩි නිසා.හැබැයි ඒ මොනව උනත් වෙනසකටත් එක්ක ඇපල් වල තියෙන පෙනුම වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියට එකතු කරගන්න නං සත පහක් වත් වියදම් වෙන්නෙ නෑ. ඒ විදියට මම මගේ පරිඝනකයට අන්දපු හිම දිවියගෙ(Snow Leopard) ඇඳුමත් එක්ක ගත්තු පින්තූර ටිකක් මුලින්ම දාන්නංකො බලන්න කොහොමද කියල




.

කොහොමද ආස හිතෙනවද? හොදයි හොදයි මම කියන්නංකො කොහොමද මේ විදියට ඔබේ පරිඝනකයත් හදාගන්නෙ කියල. හැබැයි මේක හරිම සරලයි. කරන්න තියෙන්නෙ මෙන්න මෙතන කොටල අදාල zip file එක බාගත කරගෙන ඒ ගොනුව විවෘත කරල සාමාන්‍ය වැඩසටහනක් ස්ථාපනය කරන විදියට install කරන එක තමයි. මේක කරල comment එකක් එහෙම දාල යන්නකො එහෙනං...

Read more

Wednesday, July 28, 2010

විකිපීඩියා කථා වස්තුව

21 අදහස්
මෙම කථා වස්තුවෙහි සම්පූර්ණ අයිතිය එය රචනා කරන ලද කලන සුපුන් විජේතුංගයන්ට හිමිවන අතර මෙය මා බ්ලොගයෙහි පලකිරීම සම්බන්ධව ඔහු හෝ මෙම කතා වස්තුවට අදාළ කිසිවකු මා හා උරණ නොවනු ඇතැයි විස්වාස කරමි.

Read more

Tuesday, April 13, 2010

ගූගල් කෙටි යෙදුම්.

4 අදහස්

හ්ම්.. කාලෙකින් මේ පැත්තට ආවෙ මම හිතන්නෙ මාස දෙකකින් විතර ලියන්න කම්මැලිකමේ හිටියෙ. දැනෙ ඉතිං අවුරුදු කාලෙනෙ පොඩි නිවාඩුවකුත් ලැබිච්ච එකේ ඔහේ බ්ලොග් එකක් ලියන්න කියල ආව. කැවුම් සුවදත් එනව බඩ ගින්නත් වැඩි වෙනව ඒත් දැං මේක නැවැත්තුවොත් ආයෙත් ලියවෙන්නෙ නෑ ඒ නිසා මේක ලියල ඉවරයක් කරලම දානව.

අද මම ලියන්න යන්නෙ ගූගල් පාවිච්චි කරල එහි පරිවර්තකය(Translator) සහ ශබ්දකෝෂය(Dictionary) පහසුවෙන් භාවිතා කිරීමට පාවිච්චි කරන කෙටි යෙදුම් කිහිපයක්.
අපිට ගූගල් පරිවර්තකයෙන් i love you කියන විදිය ප්‍රංශ භාෂාවෙන් කියන විදිය දැනගන්න ඕන කියල හිතමු. එවිට කරන්න තියෙන්න සාමාන්‍ය ගූගල් සෙවුමක en:fr i love you කියල ගහන්න මෙහි en යනු english එනම් අප විසින් ලාබා දෙන භාෂාව ඉන් පසු fr යනු ප්‍රංශ භාෂාව එනම් අපිට ප්‍රතිඵලය ලැබිය යුතු භාෂාව සහ ඉන් පසු ඔබ ඇතුලත් කළ යුතු වාක්‍යය.



පරිවර්තකයට අමතරව අපිට නිතරම අවශ්‍ය දෙයක් තමයි dictionary එක ඒ සඳහාත් කරන්න තියෙන්නෙ පහසු දෙයක් පෙර පරිදිම සාමාන්‍ය ගූගල් සෙවුමක en:en love කියල ගැහුවම love කියන එක ඉංග්‍රිසියෙන් අර්ථදක්වන්නෙ කොහොමද කියල බලාගන්න පුළුවන්.

ඔන්න එහෙනං අත්හදා බලන්න මං ගියා...
Read more

Sunday, February 14, 2010

ගොං පාට්...

6 අදහස්


"හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න.." අමරසිරි පීරිස් මහත්මය ඔහොම කිව්වට ඕකෙ ලස්සන බලන්න ගිහින් තව පොඩ්ඩෙන් අපේ කට්ටියකට හොඳට කන්න හම්බවෙනව. ලංකාවෙ විශ්ව විද්‍යාල බහුතරයක් batch trip එකක් හන්තානෙ යන එක සාමාන්‍ය සම්ප්‍රදායක්.ඉතිං ඔය සම්ප්‍රදායට ගරු කරල අපේ පොඩි උන් ටිකත් ඔන්න ඊයෙ හන්තානෙ ගියානෙ.කොහොම හරි හන්තාන අයිතිකාර පාර්ශවේ මේ පොඩි උන්ට තෙලක් ගහන්න සෑහෙන දැඟලිල්ලක් කරල තියෙනව. මොනා උනත් අන්තරවල ඉන්න ගොඩක් උන්ට තියෙන්නෙ මහ අමුතුම ගනයෙ ලෙඩවල් නෙ.අවසානෙ විනෝදයෙන් කිසිම අතුරු අනතරාවකින් තොරව හන්තානය තරණය කරල ආපහු ආපු අර පොඩි උන්ගෙ එක බස් එකක් එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් වට කරල තිබ්බ. හේතුව උන්ට කතාවක් නොදීම හැබැයි හොයල බලද්දි උන්ට කතාවක් දීල තියෙනව.කොහොමහරි අවසානෙදි පොලීසියෙ මැදිහත් වීමන් වෙන්න ගිය මහා ඇබැදිදියක් වැළකිලා තියෙනව.
ලංකාවෙ අධ්‍යාපනය කියන්නෙ හැමෝටම නොමිලෙ ලැබෙන දෙයක්නෙ ඉතිං ඒ නිදහස් අධ්‍යාපනයෙන් සහ අහිංසක දෙමාපියන්ගෙ කැපකිරීම් වලින් ඉහලට ආපු බහුතරයක් පිරිස අතර ඔය නිදහස් අධ්‍යාපනේ වරප්‍රසාදම විදල ඒකෙ වටිනාකම හරිහැටි තේරුම් නොගත්තු කාළකණ්නි පිරිසකුත් ඉන්නව. උන් සමහරෙක් හිතන්නෙ උන් තමා මේ ලෝකෙ ලොක්කො කියල.ශිෂ්‍ය කණ්ඩායම් හදාගෙන මහලොකුවට කෑගහන්නෙ ළමයි වෙනුවෙන් පෙනී සිටිනව කියල ඔය එක එක අන්තරවල ඉන්න සමහර ගන්ධබ්බයො නිසා ඇත්තටම ළමයි වෙනුවෙන් වැඩක් කරන ශිෂ්‍ය නායකයින්ට, ශිෂ්‍ය සංගම්වලටත් උන්ගෙ ලේබල්ම වැදිල කිසිම වැඩක් කරගන්න ලැබාන්නෙ නෑ.මොකද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එක් පාර්ශවයක් කරන දෙයක ප්‍රථිපලය සමස්ත විශ්ව විද්‍යාලයීය ප්‍රජාවටම බලපෑමක් ඇතිවෙනව.
අවසානෙ කියන්න තියෙන්නෙ ශිෂ්‍ය සංගම් කියල පෙනී සිටන ඇතැම් නොහික්මුණු ප්‍රාථමික, ම්ලේච්ඡ චින්තනයක් තියෙන නොමනා ශිෂ්‍යයින්, ශිෂ්‍යයින් වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය සංගම් වලට පත් කිරීමේදී බහුතරයක් වූ යමක් කමක් තේරෙන ශිෂ්‍යයන් විසිනෙ දෙවරක් සිතාබැලිය යුතුයි යන්නයි. මක් නිසාද යත් ඔවුන් ගේ නොහික්මුණු තිරිසන් ක්‍රියාවල බලපෑම නිසා සමස්ත විශ්ව විද්‍යාලයීය ප්‍රජාවේම ප්‍රතිරූපයට එය හානියක් වන බැවිනි.. 
Read more

Saturday, February 6, 2010

GMail හැක් කරමු..

14 අදහස්


පරිගනකයක් පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ගෙ ආසවක් තමයි මේ හැක් කරන එක. විශේෂයෙන්ම GMail,Yahoo,FaceBook වගේ දෙයක් හැක් කරන එක ගොඩ දෙනෙකුගෙ අවශ්‍යතාවයක් වෙලා තියෙනව මේ ගැන ජංජාලෙ හොයල හොයල තමංම හැක් වෙච්ච අය ගැනත් අපි අහල තියෙනවනෙ ;). අද මම GMail (මේ ක්‍රමය අනෙක් ඕනෑම වෙබ් අඩවියක් සඳහා වුවද පාවිච්චි කරන්න පුළුවන්) හැක් කරන පොඩි ක්‍රමයක් ගැන...හැබැයි මෙය අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් යොදාගන්නවනං තමයි හොඳ.
මෙම ක්‍රමය යොදාගෙන අපිට ඕන හැම account එකක්ම හැක් කරන්න බෑ.(ඒ නිසයි මම blog එකේ මේක ලියන්නෙ ;) ).මෙම ක්‍රමයෙදි අපි යොදාගන්නෙ කවුරුත් දන්න mailinator.com කියන අඩවිය භාවිතා කර GMail (හෝ ඕනෑම) ගිණුමක් නිර්මාණය කළ අයව හැක් කිරීමයි.(මුලින්ම mailinator ගැන දන්නෙ නැත්තනං මෙතනින් කියවල බලන්න).

පළවෙනි පියවර :

ඔබේ වෙබ් බ්‍රවුසරයෙන් gmail.com වෙතට යන්න. එහි can't access your account යන්න තෝරාගන්න.

දෙවන පියවර :

i forgot my username යන වරණය තෝරා username recovery page යන link එක තෝරන්න. එහි email යන තැනට අහඹු ලෙස email ලිපිනයක් යොදන්න (එවිට එම email ලිපිනය භාවිතා කරමින් සෑදූ gmail usernames අපට ලබා ගත හැකි වේ.) උදා: andy@mailinator.com (විවිධ විවිධ නම් මම භාවිතා කල අතර මෙයින් මට email ලිපිනයක් ලබාගත හැකි විය..;) )

තුන්වන පියවර :

mailinator.com වෙත පිවිස එහි inbox එක සෙවීමට ඔබ කලින් භාවිතා කළ නම ලබාදෙන්න.
උදා: andy
ඉන්අනතුරුව google username assistance යටතේ ලද ඊමේලය බලන්න එහි. andy@mailinator.com (හෝ ඔබ භාවිතා කළ නමට) අදාල GMail usernames ටික ලැබේ.ඉන් එකක් තෝරාගන්න.

හතරවන පියවර :

යළි GMail cannot access my account වෙත ගොස් මෙවර i forgot my password යන වරණය තෝරාන්න. එහි password recovery page වෙත පිවිසෙන්න.

පස්වන පියවර :

username යන තැනට ඔබ තෝරාගත් ඊමේල් ලිපිනය ලබාදී ඉන් අනතුරුව ලැබෙන පිටුවෙහි Change your password by sending an email to your recovery address යන්න තෝරා යළි පෙර පරිදි mailinator inbox වෙත ගොස් අදාළ නමින් inbox වෙත ගොස් බලන්න. :) 

ඔන්න ඕකයි ක්‍රමේ... මේකෙන් ඉගෙන ගන්න තියෙන්නෙ අපි account එකක් හදද්දි ඒ සඳහා mailinator වගේ සේවාවන් භාවිතා කිරීම භයානකයි කියන එක තමා.. මේ ක්‍රමය මම දන්නා තරමට facebook හි භාවිතා කරන්න බෑ මොකද facebook හි @mailinator.com account ඔවුන් විසින් ලියාපදිංචි නොකරන නිසා.. 
Read more

Wednesday, January 20, 2010

ජේකුඅරි සිංහලෙන්....-2

7 අදහස්
හෆ්ෆා..යන්තං ඇති එක පේපරයක් ගොඩ දාගත්ත. ඒක ඉවර කොරල තකහනියක්ම බ්ලොග්ස්පොට් පැත්තෙ දුවගෙන ආවෙ ජේකුඅරි ගැන 2 වැනි ලිපිය ලියන්න කියල.. ආ.. කලින් එක කියවපු නැති කෙනෙක් ඉන්නවනං මෙතන කෙටුවම ඒක බලාගන්න පුළුවන්.
හරි එහෙනං පටංගමු අද දවසෙ වැඩ : හොදයි... ජේකුඅරි අපේ පිටුවකට load කරගන්න විදිය අපි කලින් දවසෙ බැලුවනෙ...

$(document).ready()

ජේකුඅරි ඉගෙන ගැනීමේදී මුලින්ම ඉගෙන ගතයුතු වන්නේ මෙන්න මේ function එකයි. ඔබේ events (events ගැන ඉස්සරහට කතාකරමු) ඇතුලත් කළ යුතු වන්නේ මෙම function එක තුලටය.

$(document).ready(function(){
// ඔබේ ජේකුඅරි වැඩ කෑලි මෙහි ඇතුලත් කල හැක ;)

});

සමහර වෙලාවට මේක කෙටියෙන් ලියන්න මෙන්න මේ විදියත් පාවිච්චි කරනව ඒකෙත් වැරැද්දක් නෑ.

$(function(){
 });


අපි එහෙනං පොඩි උදාහරනයක් බලමු.

මුලින්ම ඔබේ TextEditor එක අරගෙන මෙන්න මේ විදියට HTML පිටුවක් හදාගන්න.

<html>
     <head>
           <script  type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js"></script>
     </head>
     <body>
          <a href="http://crazykesh.blogspot.com">Click here</a>
     </body>
</html>

මම මේකෙ කළේ HTML පිටුවට hyperlink එකක් එකතු කරපු එක දැන් බලමු ඒ ලින්ක් එක click කලාම ඒක ජේකුඅරි වලින් handle කරන විදිය.

$(function(){
    $ ("a").click(function(event){
          alert("you clicked.....");
          event.preventDefault();
    });
});

මේකෙදි වෙන්නෙ ඉහත hyperlink එකේ click event එකක් ඇතිවුන හැටියෙ මෙම function එක මගින් alert එකක් ලබා දීමයි. මෙහි preventDfeault() මගින් සිදු කරනුයේ hyperlink එකෙන් ලබාදී ඇති link එකට යාම වැළැක්වීමයි.

මෙම කේතය වෙනම .js file එකක් ලෙස save කර අදාල file නම script ටැගයක් ඇතුලේ ලබාදීම හෝ HTML පිටුවටම script ටැගයක් තුල ලබාදීම කළ හැක.

සම්පූර්ණ කේතය :


<html>
     <head>
           <script  type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js"></script>
           <script  type="text/javascript">
              $(function(){
                 $ ("a").click(function(event){
                    alert("you clicked.....");
                    event.preventDefault();
                 });
              });
           </script>
     </head>
     <body>
          <a href="http://crazykesh.blogspot.com">Click here</a>
     </body>
</html>

CSS වල වැඩ ටිකක් ගැන ඊළඟට කතාකරමු..............|
Read more

Saturday, January 9, 2010

ජේකුඅරි සිංහලෙන්....-1

7 අදහස්


අළුත් අවුරුද්දෙ මම කල්පනා කලා ජේකුඅරි ගැන වෙලාව තියෙන හැටියට ලිපි දෙක තුනක් ලියල දාන්න. මේ තමයි ඒ ලිපි පෙලේ පළමුවැන්න..

මොකක්ද මේ ජේකුඅරි?

ඔබට ජාවා ස්ක්‍රිප්ට් ගැන දැනුමක් ඇත්නම් ජේකුඅරි ඉගෙනීම මහ ලොකු කජ්ජක් නොවේ. මක්නිසාද යත් ජේකුඅරි යනු ජාවා ස්ක්‍රිප්ට් library එකකි. එනම් ජේකුඅරි වල මූලිකම අරමුණ වන්නේ write less do more එනම් ජාවා ස්ක්‍රිප්ට් අඩු කේත ප්‍රමාණයකින් උපරිම කාර්යයක් කර ගැනීමයි. ජේකුඅරි වල ඇති සුවිශේෂ effects සහ කේතනයේ පහසුව නිසාම මෙය භාවිතයෙන් ඉතා ආකර්ෂණීය වෙබ් අතුරුමුහුණත් නිර්මාණය කිරීමට හැකිය.

ආරම්භය...

හරි මුලින්ම එහෙනං මෙන්න මෙතන කොටල ජේකුඅරි library එක බාගන්න..
ඊළඟට අපි HTML පිටුවේ පහත ටැග් එක දාලා බාගත්ත ගොණුව HTML පිටුව තියෙන තැනට දාගන්න,

< script type="text/javascript" src="jquery-1.3.2.min.js"> < /script >

.js ගොණුවේ නම ඔබ ළඟ තිබෙන ගොණුවේ නම යොදන්න (version එක වෙනස් විය හැක.)

 කළින් අපි කළ දේ අපිට වෙනත් ආකාරයකටත් කරගන්න පුළුවන් එනම් ගුගල් මඟින් ලබාදෙන jquery API එක අපිට load කරගැනීමද කළ හැකිය එවිට අපේ වෙබ් පිටු සමඟ jquery library එක upload කරගත යුතුවන්නේ නැත. ඒ සඳහා ඔබට HTML පිටුවට පහත ටැග් එක එකතු කළ යුතු වේ.

< script type="text/javascript" src="http://ajax.googleapis.com/ajax/libs/jquery/1.3.2/jquery.min.js"> </script>

ජේකුඅරි syntax

සාමාන්‍යයෙන් ජේකුඅරි කේතයක් ආරම්භ වන්නේ $ ලකුණෙනි. එම $ සළකුණ ජේකුඅරි function සඳහා යෙදෙන alias එකක් එහෙමත් නැතිනම් link එකක් වගේ දෙයකි එනම්
$(li a) ලෙස ලිවුවහොත් එය jQuery(li a) ලෙස ලිවීම හා සමානය.

ජේකුඅරි හැදින්වීම ඔච්චරයි commands ගැන, jQuery UI, Moo tools වගේ දේවල් ගැන ඉස්සරහට ලියන්නං කො...........


මම මේ වගේ ලිපි පෙලක් ලියන්නෙ පළමු වතාවට ඒ නිසා ගොඩක් අඩුපාඩු, වැරදි තියෙන්න පුළුවන් ඒක නිසා මේකෙ අඩුපාඩු වැරදි වෙනස් වියයුතු දේවල් සහ තවත් එකතු වියයුතු දේවල් ඇත්නං කරුණාකරල ඒව සඳහන් කරන්න
ස්තූතියි !!!!
Read more