Sunday, February 14, 2010

ගොං පාට්...



"හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න.." අමරසිරි පීරිස් මහත්මය ඔහොම කිව්වට ඕකෙ ලස්සන බලන්න ගිහින් තව පොඩ්ඩෙන් අපේ කට්ටියකට හොඳට කන්න හම්බවෙනව. ලංකාවෙ විශ්ව විද්‍යාල බහුතරයක් batch trip එකක් හන්තානෙ යන එක සාමාන්‍ය සම්ප්‍රදායක්.ඉතිං ඔය සම්ප්‍රදායට ගරු කරල අපේ පොඩි උන් ටිකත් ඔන්න ඊයෙ හන්තානෙ ගියානෙ.කොහොම හරි හන්තාන අයිතිකාර පාර්ශවේ මේ පොඩි උන්ට තෙලක් ගහන්න සෑහෙන දැඟලිල්ලක් කරල තියෙනව. මොනා උනත් අන්තරවල ඉන්න ගොඩක් උන්ට තියෙන්නෙ මහ අමුතුම ගනයෙ ලෙඩවල් නෙ.අවසානෙ විනෝදයෙන් කිසිම අතුරු අනතරාවකින් තොරව හන්තානය තරණය කරල ආපහු ආපු අර පොඩි උන්ගෙ එක බස් එකක් එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් වට කරල තිබ්බ. හේතුව උන්ට කතාවක් නොදීම හැබැයි හොයල බලද්දි උන්ට කතාවක් දීල තියෙනව.කොහොමහරි අවසානෙදි පොලීසියෙ මැදිහත් වීමන් වෙන්න ගිය මහා ඇබැදිදියක් වැළකිලා තියෙනව.
ලංකාවෙ අධ්‍යාපනය කියන්නෙ හැමෝටම නොමිලෙ ලැබෙන දෙයක්නෙ ඉතිං ඒ නිදහස් අධ්‍යාපනයෙන් සහ අහිංසක දෙමාපියන්ගෙ කැපකිරීම් වලින් ඉහලට ආපු බහුතරයක් පිරිස අතර ඔය නිදහස් අධ්‍යාපනේ වරප්‍රසාදම විදල ඒකෙ වටිනාකම හරිහැටි තේරුම් නොගත්තු කාළකණ්නි පිරිසකුත් ඉන්නව. උන් සමහරෙක් හිතන්නෙ උන් තමා මේ ලෝකෙ ලොක්කො කියල.ශිෂ්‍ය කණ්ඩායම් හදාගෙන මහලොකුවට කෑගහන්නෙ ළමයි වෙනුවෙන් පෙනී සිටිනව කියල ඔය එක එක අන්තරවල ඉන්න සමහර ගන්ධබ්බයො නිසා ඇත්තටම ළමයි වෙනුවෙන් වැඩක් කරන ශිෂ්‍ය නායකයින්ට, ශිෂ්‍ය සංගම්වලටත් උන්ගෙ ලේබල්ම වැදිල කිසිම වැඩක් කරගන්න ලැබාන්නෙ නෑ.මොකද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එක් පාර්ශවයක් කරන දෙයක ප්‍රථිපලය සමස්ත විශ්ව විද්‍යාලයීය ප්‍රජාවටම බලපෑමක් ඇතිවෙනව.
අවසානෙ කියන්න තියෙන්නෙ ශිෂ්‍ය සංගම් කියල පෙනී සිටන ඇතැම් නොහික්මුණු ප්‍රාථමික, ම්ලේච්ඡ චින්තනයක් තියෙන නොමනා ශිෂ්‍යයින්, ශිෂ්‍යයින් වෙනුවෙන් පෙනී සිටින ශිෂ්‍ය සංගම් වලට පත් කිරීමේදී බහුතරයක් වූ යමක් කමක් තේරෙන ශිෂ්‍යයන් විසිනෙ දෙවරක් සිතාබැලිය යුතුයි යන්නයි. මක් නිසාද යත් ඔවුන් ගේ නොහික්මුණු තිරිසන් ක්‍රියාවල බලපෑම නිසා සමස්ත විශ්ව විද්‍යාලයීය ප්‍රජාවේම ප්‍රතිරූපයට එය හානියක් වන බැවිනි.. 

6 අදහස්:

Anonymous said...

අන්තරෙන් ඉස්සර සිදු වෙච්ච කිසිම දෙයක් දැන් සිදු වෙන්නේ නෑ. ශිෂ්‍ය දේශපාලනයට බූදල් කාරයො කියලා හිතන් ඉන්න එවුන් ටිකක් වෙලා අන්තරය.

පේරාදෙණියට ඔය චින්තනය විශේෂයි. පිටින් වෙන්වෙලා ඉන්න නිසා ඔය අයගෙන් සමහරු හිතන්නේ ඔතන ලොක්කො උන් කියලා. සිරාම කට්ටියකුත් හිටියට තවත් එවුන් ඉන්නවා මහ ලිං ගෙම්බො ටිකක්.

දන්නේ නැති පැත්තකට ගියාම බලු රංචු පිටින් ඇවිත් වට කර ගත්තට අපි ගෙවල් අයිතිකාරයින්ට බනින්න යන්නේ නෑනෙ. ඒකම තමයි. මමනම් දැකලා නෑ කොළඹට ආවමවත් වෙන කොහෙටවත් ගියාම ඔය වගේ පිස්සු වැටිච්ච කට්ටියක්. මුලු රටේම අයගෙ සල්ලි වලින් ඉගෙන ගන්න තැනට උන් හිමිකම් කියන්න යනවා.

අනිත් පැත්තකුත් තියෙනවා. ඒත් ඒවගේ වැදගත් කමක් නැති වෙන තරමටම මේ අය විකාර නටනවා. ඒක නිසා ඒ පැත්ත කියලා වැඩක් නෑ.

Kanishka said...

කාලකන්නි හැත්ත

තරිදු අබේදීර::Tharindu Abeydeera said...

ශිෂ්‍යන්ට වෙන අසාධාරණ වලට එරෙහිව නැගී සිටින පිරිසක් විදියට තමන්ව හදුන්වා ගෙන , ශිෂ්‍යන්ට අඩන්තෙට්ම් කරන අයගේ ප්‍රෝඩාව තමයි ඔය හෙලි වෙන්නෙ... බලමු අපිත් මේක ලේසියෙන් අතාරින්නෙ නෑ...

Anonymous said...

ඕවා කරපු එකෙක් හරි දන්නව නම් කරැණාකරල මට දන්වන්න... පේර ඉදන් කොළඹ එන හැම එකාටම ගූ පෙරෙන්නෙ කන්න ඕන නම් උන්ව හOගන් ඉන්න


S9SiCubXj8@rocketmail.com

Anonymous said...

Im Just passed out from the pera.Please malli can you tell in detail about them(Like faculty) coz it really hurts to us.we can do something.

Anonymous said...

http://www.elakiri.com/forum/showthread.php?t=464529
http://ravindasenarath.blogspot.com/2010/02/blog-post_14.html
http://www.theopen.chamiladealwis.com/2010/02/let-us-define-losers/
http://sthushara.blogspot.com/2010/02/blog-post.html

have more details

Post a Comment