Sunday, March 22, 2009

Windows වලට තව පොඩි වැඩ ටිකක්...

2 අදහස්
මම මීට කලින් post එකේ ලිව්වෙ desktop cube එකක් Windows වලට දාගන්න විදිය අද මම තවත් ඒවගේ සුළු සුළු වැඩ ටිකක් ගැන කියන්නයි යන්නෙ.

Win Flip



මේ විදියට අපි open කරපු windows ලස්සනට flip කරන්න ඕන නම් කරන්න තියෙන්නෙ මෙන්න මේක බාලා unzip කරන්න ඊට පස්සෙ ඒක ඇතුලෙ තියෙන exe file එක run කරල taskbar එකට එන අළුත් icon එක click කරන එක තමයි.

Madotate



මේකෙදිත් කරන්න තියෙන්නෙ කලින් වගේම මෙතනින් බාගෙන unzip කරල exe එක run කරන එක තමයි.

කොහොමද? හොදද?
Read more

Saturday, March 21, 2009

Compiz Fusion, Windows වලටත්....

2 අදහස්
මේ දවස්වල ටිකක් වැඩ වැඩි නිසා බ්ලොග් ලියන්නත් බැරිඋනා කොහොමහරි අද මට හිතුන තාක්ෂණික දෙයක් ලියන්න. මම open source මනුස්සයෙක් නෙ ඉතිං windows ගැන වැඩි යමක් නම් දන්නෙ නෑ එත් ඉතිං Windows අතාරින්නත් බෑ නෙ. ඉතිං ubuntu වලට අමතරව දැන් මම අයෙත් Windows ටිකක් ටිකක් පාවිච්චි කරනව. ඉතිං ඔහොම කරගෙන යද්දි මට ඕන උනා Compiz fusion වගේ දෙයක් Windows වලටත් දමන්න. උත්සාහවන්තයා ජයගනී කියල කතාවකුත් තියෙනවනෙ ඉතිං මම හොයා ගත්ත ඒකට ක්‍රමයක්...

DeskHedron



Ubuntu වල වගේ Desktop cube එකක් කරකවන්න ඕන නම් DeskHedron කියන පොඩි application එක පාවිච්චි කරන්න පුළුවන්.ඔන්න ගිහින් බාගන්නකො ඉට පස්සෙ ඒ file එක extract කරල ඇතුලෙ තියෙන .exe file එක run කරන්න. එතකොට taskbar එකට අළුත් icon එකක් ඒවි ඒක උඩ right click කරල desktop ගණන වැඩි කරන්න ඉට පස්සෙ ඒ icon එක උඩ click කළාම desktop කරකවන්න පුළුවන්. desktop ගණන වැඩි කර කර බලන්න කොහොමද කියල.



ආ... තව දෙයක් මම පාවිච්චි කරන්නෙ Windows XP හැබැයි Windows 7 theme 1ක් තමයි දාල තියෙන්නෙ.

තව වැඩ ටිකක් තියෙනව window ඒව flip කරනව වගේ දේවල් ඒව මම ඊළගට ලියන්නම්

එහෙනම් මම ගිහින් එන්නම්.
Read more

Wednesday, March 11, 2009

කළකිරිම...

2 අදහස්
විසල් මහ සයුර කොතරම් වුව ගැඹුරු
මහා ජල කදක් තිබුණත් නැත මියුරු
නොයෙක් වෙසින් ආවත් කෙතරම් මිතුරු
දියත පුරා වෙති බෝ මිනිසුන් කුරිරු


මහමෙර වැනිය හිසමත දුක් කදුළු කැට.......
මහ සයුරකටවත් නොනිවිය හැකි තරම් රළු....
අරිය සත් මැනවින් ඉගෙන ගෙන....
යන්නට උවමනයි එතෙරට සසර මඟ.....
Read more

Tuesday, March 10, 2009

සසර දිවිමග...

1 අදහස්
ජීවිතය සිරමැදිරියකි........
විදින දුක් මහමෙරකි........
මිදි මේ දඩුවමින්.......
කෙදින ලබමිද අමා සුවයක්.....
Read more

Sunday, March 1, 2009

Cyber ජි්විත සහ මූණුපොත

6 අදහස්
මම මේක ලියන්න ගත්තෙ වෙන මුකුත් නිසා නමෙයි. අපේ උන් FaceBook එකේ ඕනවට වඩා කාලය කන එක බලන් ඉන්න බැරි කමටමයි.

ඇත්තම කිවුවොත් FaceBook නරක නෑ මොකද ඒක ඉතාමත් හොද සංකල්පයක් සහ එයින් අපට වාසි රැසක්ම ලැබෙන නිසා.නමුත් ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියල කතාවක් තියෙනවනෙ. අපේ උන් කියෙන් කි්දෙනාද ඕක හොද පැත්තට විතරක් පාවිච්චි කරන්නෙ ගොඩක් අය බැලුවොත් chatting. ඇත්තටම chat කිරිල්ලත් හොදයි ඒත් ඉතින් සි්මාවක් ඇතුව.
දැන් වෙනකොට ගොඩක් hackers ලගෙ තෝතැන්නක් බවට මූණුපොත පත්වෙලා තියෙනව මොකද කියුවොත් social engineering ක්‍රම පාවිච්චි කරලා ගොඩක් දෙනෙක "අන්දන්න" පුලුවන්නෙ.අනික මුණුපොතෙන් අපි අපේ හැම පුද්ගලික දෙයක්ම "එළියට" දෙනවනෙ (මං හිතන්නෙ ළගදි මොකද්ද privacy policies වල වෙනසක් කළාද කොහෙද මං නං එච්චරම ඕව දන්නෑ.) ඒත් ඉතිං සි්මාව ඉක්මවා ගිහින් වෙච්ච නස්පැත්ති ගැන articles වගයක් මට කියවන්න ලැබුන. වෙලාවක් තියෙනවනම් කියවල බලන්න.

Facebook and MySpace : raising the risk of cancer
Facebook post "i feel like killin someone" proves true
Too much Facebook make teenage girls depressed
Facebook poke leads to divorce
world first Facebook divorce
He wanted to check Facebook so he stole a laptop
British soldiers cautioned about social networking

දැන් මොකද හිතන්නෙ ඔබේ අදහසත් කියන්නකො..............
Read more

Optical illusions

0 අදහස්



බලන්නකො මේ පින්තුර දිහා. මේව මට e-mail එකකින් ලැබුනෙ මිට ටික දවසකට කලින් ඒ e-mail එකේ මෙහෙමත් තිබ්බ.

One teacher said, "I felt like they were all moving... But slowly. Kind of like, they were breathing."
The pictures attached are used to test the level of stress a person can handle.
The slower the pictures move, the better your ability of handling stress.
Alleged criminals that were tested see them spinning around madly; however, senior citizens and kids see them standing still.
None of these images are animated - they are perfectly still.

කොහොමද? හොදද?
Read more