Wednesday, September 23, 2009

IE, Chrome කරගමු.

2 අදහස්



Internet Explorer, මං හිතන්නෙ හැමෝම දන්න web browser එකක්.Windows හදිස්සියෙන් පාවිච්චි කරන අපිට නං ටිකක් නුපුරුදු දෙයක් උනාට ඒක පාවිච්චි කරන අයත් ඕන තරං ඉන්නවනෙ. මට නං ඉතිං web browser කිව්වොත් ගිනි නරිය නැත්තං ක්‍රෝම් තමා දැං දැං ගිනි නරියට වඩා ක්‍රෝම් හිතට අල්ලල යනව :) හිදිසියෙන් හරි windows පැත්තෙ ගියොත් නං ඉතිං භාවිතය ක්‍රෝම් විතරමයි.

මට අද දැනගන්න ලැබුන IE වලට chrome plugin එක්ක හදල කියල. එක අතකට ඒකත් හොඳයි මොකද එතකොට IE පාවිච්චි කරන අයටත් Google wave වගේ දේවල් අත් විදින්න පුළුවන්නෙ. මේ plugin එකට කියන්නෙ Chrome Frame කියල ඔබ IE පාවිච්චි කරනවනං ගිහින් බාගෙන install කර ගන්න මම ඒක පාවිච්චි කරල නැති නිසා ගුණ දොස් කියන්න නං දන්නෙ නෑ. මොනා උනත් ක්‍රෝම් ගතියක් එකතු කළා කියන්නෙ IE තිබ්බට වඩා සිය දහස් ගුණයක් හොඳ වෙයි මම හිතන්නෙ ;) .

වැඩි විස්තර කියවන්න ඕන නං මෙතන කොටන්න  
Read more

Sunday, September 20, 2009

ලිනක්ස් වලින් file recovery කරමු.

3 අදහස්
අපිට නිතරම වෙන ප්‍රශ්නයක් තමයි අපිට අත්‍යවශ්‍ය files නොදැනුවත්කමින්ම delete වෙලා යන එක. සමහර වෙලාවට project එකක් කර කර ඉදල වෙනත් file එකක් කියල හිතල ඒ files delete කරල දානව. ඔය වගේ එක එක හේතු නිසා අපිට අවශ්‍ය files අපේ අතින් delete වෙනව. මම අද කියන්න යන්නෙ අන්න එහෙම delete වුණු files recover කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැන.

මේ සඳහා පාවිච්චි කරන්නෙ photorec කියන මෘදුකාංගය මේක ලිනක්ස් වල භාවිතා කරගන්න හැටි තමයි මම කියන්නෙ.
මුලින්ම terminal එකඅරගෙන එහි,

sudo apt-get install testdisk  (ෆෙඩෝරා වලදී apt-get වෙනුවට yum භාවිතා කරන්න)


යන්න ලබා දෙන්න.එය පරිගනකයට ස්ථාපනය වීමෙන් අනතුරුව terminal එකෙහි photorec කියා විධානය ලබාදෙන්න.



ඉන්පසු sudo මත enter දී ඔබේ මුර පදය භාවිතා කර super user ලෙස log වන්න.




ඉන්පසුව ඔබට recover කිරීමට අවශ්‍ය ගොණුව තිබූ දෘඩ තැටිය හෝ pen drive එක තෝරන්න.



ඔබ ලිනක්ස් භාවිතා කරන්නේ නම් intel යන්න තෝරන්න.




ඉන්පසු ලැබෙන තිරයේ පහල file opt වෙත arrow key භාවිතා කර ගොස් එයට ඇතුළුවන්න.






දැන් S යතුර ඔබා select වී ඇති සියල්ලම deselect කරන්න ඉන්පසු ඔබට recover කිරීමට අවශ්‍ය file type එක තෝරා ඒ මත space bar ඔබා select කරන්න.ඉන් අනතුරුව enter ඔබා පිට වන්න.




 
අනතුරුව delete වූ ගොණුව තිබූ partition එක තෝරා search යන්න මත සිට enter ඔබන්න.



 

ඔබ අදාල ගොණුව delete කිරීමෙන් අනතුරුව දෘඩ තැටියට වෙනත් files නොදැමුවේනම් free යන්නත් එසේත් නොමැතිනම් whole යන්නත් select කරන්න.




ඉන්පසු recover වෙන ගොණු save විය යුතු ස්ථානය තෝරා Y ඔබන්න.



ඉන්පසු ඉහත තිරපිටපතේ ආකාරයට ඔබේ ගොණුව recover වී ඔබ ලබාදුන් ස්ථානයට save වේ. :) දැන් files delete වුනා කියල බය වෙන්න දෙයක් නෑ. :D
Read more

Saturday, September 19, 2009

GTalk වල block ද කියල දැනගන්නෙ කොහොමද?

1 අදහස්
පහුගිය දවස්වල මට පුදුම වැඩක් වුනා. නිතරම chat කරන කෙනෙක් එක පාරටම chat නොකර හිටිය පුදුමෙ කියන්නෙ මුණගැහුනම සාමාන්‍ය විදියටම කතාකරනව අනික මගෙන් ඒ කෙනාට වැරැද්දක් උනෙත් නෑ ඉතිං මට මේක සෑහෙන්න ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ පස්සෙ හොයල බලද්දි ඒ කෙනා මාව GTalk, block කරල හේතුවක් නං මම දන්නෙ නෑ. මේක ලියන්න අරමුණ උනේ ඒකට හේතු හොයන්න නෙමෙයි. GTalk වල කවුරු හරි අපිව block කරලද කියල දැන ගන්නෙ කොහොමද කියල කියන්න.

මේකට මම පාවිච්චි කලේ Pidgin. මම Pidgin ගැන කලින් කියල තියෙන නිසා අයෙත් කියන්නෙ නෑ ;).
කරන්න තියෙන්නෙ මෙච්චරයි Pidgin වලට ගිහින් ඒකෙ
buddies --> show --> offline buddies
කියන එකට tick එකක් දාන්න මොකද කවුරුහරි අපිව block කලානම් ඒ කෙනා අපිට පෙනෙන්නෙ offline විදියට නෙ.



ඊළඟට අපිව block කළා කියල සැක හිතෙන කෙනාගෙ නම උඩ right click කරල get info කියන එක උඩ click කරන එක.

Image Hosted by ImageShack.us

එවිට අදාල පුද්ගලයා පිළිබඳ යම් විස්තරයක් පෙන්නුම් නොකෙරේ නම් එයින් ගම්‍ය වනුයේ එම පුද්ගලයා අපව block කර ඇති බවයි.
Read more

Sunday, September 6, 2009

ලිනක්ස් වල root පාස්වර්ඩ් එක recover කරගමු.

6 අදහස්
කාලෙකට පස්සෙ ආයෙත් :) කොහොමද කස්ටියම හොඳින් නේද? පහුගිය දවස්වල කැම්පස් එකේ වැඩ වගයක් තිබ්බ (දන්නෝ දනිති ඒ මොනාද කියල) ඒනිසා බ්ලොග් ලියන්න තියා ගෙදර ඉන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.කොහොමහරි දැන් මම දෙක වසරෙ අළුත් සමාසිකයත් පටන්ගත්ත.

ආ ඒකනෙමෙයි මගෙන් පහුගිය දවසක යාළුවෙක් ඇහුව "මචං su ගහල password එක ගැහුවට හරියන්නෙ නෑ නෙ" කියල. ඉතිං මම හොයල බැලුව ලිනක්ස් වල root password එක hack කරන ක්‍රමයක් hack කිව්වට බය වෙන්න එපා මේක එහෙම නරක වැඩකෙ නෙමෙයි. හා හොඳයි hack නෙමෙයි අපි කියමු root password එක recover කරන විදියක් කියල.

කවුරුත් දන්නවනෙ ඉතිං ලිනක්ස් වලදි root කියන්නෙ හරියට සර්වබලධාරී දෙවිකෙනෙක් වගේ කියල. ඉතිං ඒනිසා හැමෝම කැමති ඇතිනෙ root වෙන්න ඔන්න මම කියන්නං ක්‍රමයක් මේකෙන් පුළුවන් password එක reset කරගන්න.

මුලින්ම පරිගනකය restart කරන්න ඊළඟට GRUB එකට ආවම "e" කියන යතුර ඔබන්න. ඊළඟට ලැබෙන මෙනූ එකෙන් දෙවැනි වරණය එනම් kernel කියා තිබෙන වරණය තෝරා "b" යතුර ඔබන්න.
බයවෙන්න එපා විවිධාකාරයේ commands තිරය මත දිස් වේවි. අවසානයට bash shell එකක් ලැබෙයි එහි

cd /etc

ලබාදී ඉන් පසු

nano passwd

මෙය passwd මිස password නොවේ. එනම් මෙමගින් /etc වල තියෙන passwd කියන file එක පෙන්නුම් කරයි.

එහි root:x:0:0:root:/root:/bin/bash
ලෙස ඇති පේළියේ x යන්න ඉවත් කරන්න දැන්

root::0:0:root:/root:/bin/bash

ලෙස ලැබේ ඉන්පසු එය save කරන්න. (මේ සඳහා Esc සමඟ O ඔබන්න ) ඉන්පසු enter කර Esc සහ x ඔබා ඉවත් වන්න.

ඉන්පසු යලිත් වරක්,

nano shadow

ලෙස විධානය ලබා දෙන්න (එමඟින් shadow file එක edit කරගත හැක)

එහිද root යන්නෙන් ආරම්භ වන පේළියෙහි ඇති සියළු දෑ ඉවත් කරන්න එය පහතාකාරයට දිස්වේ.

root::::

දැන් එයද පෙරකී ආකාරයටම save කර ඉවත්වන්න ඉන්පසු පරිගනකය restart කරන්න මේ සඳහා console එකෙහි reboot යන්න ලබාදීම ප්‍රමාණවත් වේ.

දැන් පුරුදු පරිදි ලිනක්ස් වලට ඇතුළුවී terminal එක ගෙන

sudo su

ලබාදී ඔබේ password එක දෙන්න. ඔබට දැන් root ලෙස ලිනක්ස් භාවිතා කළ හැක.

සැ.යු : මෙම ක්‍රමය 100% සාර්ථකව අත්හදා බලා ඇති අතර ඔබ විසින් අත්හදා බැලීමේදී ඇතිවන්නාවූ දෝශ සම්බන්දයෙන් මා වග කියනු නොලැබේ.
Read more