Thursday, October 29, 2009

ගීකයකුගේ දරු නැළවිල්ල..

5 අදහස්
මට මේක ලියන්න හිතුනෙ යූටියුබ් එකේ තිබ්බ වීඩීයෝ එකක් දැකල. ඇත්තටම ගීක් කෙනෙක් කියන්නෙ ජීවිතේ මෙලෝ රහක් නැතුව කොම්පියුටරේටම ඔළුව ඔබාගෙන ඉන්න එකෙක්නෙ. ඉතිං එහෙම එකෙක්ට අඩුම ගානෙ දරුවෙක් නළවන්න වත් වෙලාවක් නෑ නෙ ඉතිං. ඒකත් කම්පුටරෙන් කරගන්න තිබ්බනං ගීක්ල සෑහෙන කැමති වෙයිනෙ. මේක අන්න ඒවගේ විසදුමක්..

ඔන්න code එක..
 
while [1 = 1]
do
#eject cdrom
eject

#pull cdrom tray back in
eject -t
done
 
 ගීක්ලට මම අමුතුවෙන් මේ code එක පැහැදිලි කරන්න ඕන නෑ නෙ.. හික්...
මෙහෙමයි මේකෙන් වෙන්නෙ CD-ROM එකේ tray එක eject කරන එක program එක
නවත්වන කං මේක loop වෙනව.
දැං බලමුකො මේක වැඩ කරන හැටි... හික්..හික්....
 


කොහොමද වැඩේ ??
Read more

Tuesday, October 27, 2009

හැන්දෑව

8 අදහස්

හඳ පායපු හැන්දෑවක,
මට මතකයි මම බලා උන්න,
තරු පිරිච්ච ආකාසෙ දිහා....
හඳ එළියෙන් දිලිසෙන මූද දිහා....

ඒත්......

ඒ හඳ අර මූදෙම ගිලිල,
අද ආකාසෙ තියෙන්නෙ මහ මූසල බවක්,
මහ පාළුවක්...
මහා තනිකමක්...

මට තාම මතකයි,
එදා මම හිතාගෙන උන්නෙ,
ආකාසෙ ලස්සන පාටින්
උඹේ ඔය ලස්සන මූන පොඩිත්ත සිතුවම් කරන්න,

ඒත්.....

ඒ සිතුවමට මූදෙ හුළඟ වැදිලද කොහෙද,
බොඳ වෙලා ගිහින්,
උඹේ ඒ ලස්සන හිනාව,
කතාකරන ඇස් දෙක බොඳ වෙලා ගිහින්,

එදා මම හිතාගෙන උන්නෙ,
ආකාසෙ පුරා ඉඟිලෙන සියොතුන්ට,
කෑගහල කියන්න...
මගේ චිත්‍රෙ ලස්සනද බලාපල්ල කියල,

ඒත්...

දැං මම ඒ සියොතුන්ට කුමක් කියම්ද?
බොඳ වෙච්ච සිතුවම කෙසේ පෙන්නම්ද?
Read more

Saturday, October 24, 2009

පරවියා හැක් කරමු...

8 අදහස්
ඊයෙ මම ලියපු එක කියෙව්වද ? හික්.. හරි.. අද මම ලියන්න යන්නෙ අපි කවුරුත් දන්න pidgin වල පොඩි ජිල්මාට් එකක් ගැන. pidgin ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. අපි pidgin වලදි අපේ password වගේ ඒවා save වෙන්න දුන්නොත් මළකෙළියක් වෙන්නෙ. දන්නවද pidgin වල save වෙන password තියෙන්නෙ plain text විදියට ඕන එකෙක්ට කියවන්න පුළුවන්. බොරු නං මෙන්න මෙහෙම කරල බලන්න.

terminal එක අරගෙන :

cd .purple/

ගහල ඒ folder එකට ඇතුළුවෙන්න ඉන්පසු ඒකෙ තියෙන accounts.xml කියන file එක ඇරල බලන්නකෝ.. :O හික්...

gedit accounts.xml


(මේ මගේ ඇත්ත password එක නෙමෙයි..)

දැං ඉතිං මේකට මොකද කොරන්නෙ..????

මේකට පොඩි patch එකක් තියෙනව.. මේ patch එකනං මම හොයාගත්තෙ forum එකකින්...ඒ නිසා මම ඒකෙ link එක දෙන්නං එහෙම හොදයි නේ..


ඕං එහෙනං මං ගියා පරවිය එක්ක සෙල්ලං පරිස්සමෙන් password එක වෙන එකෙක් උස්සන්න පුළුවන්. මොකද මට නං දැං මේ සමාජෙ ඉන්න උන් විස්වාස නෑ ඒ නිසා අපි ආරක්ෂාවෙන එක හොඳයි.. හ්ම්....
 
Read more

ගූඨත්වය..

2 අදහස්
වෙනද වගේම මම එක දවසක් කොළෙයක් ළඟට අරන් පැන්සලක් අතට ගත්තෙ මගේ හිතේ තියෙන සිතුවිල්ලක් කවිපන්තියක් කරන්න කියල හිතාගෙන. ඒත් එදා මම කවිය ලිව්වෙ ආදරේ ගැන ඒ නිසා මම හිටියෙ හීන ලෝකෙක මම කවිය ලිව්ව දිගටම ලිව්ව කියවන්නෙ නැතුවම ලියල දැම්ම කොච්චර ලිව්වද කිව්වොත් මගේ අත රිදෙන කල්ම ලිව්ව ඒත්....
මම ලිව්වෙ මොකද්ද කියල මම නිකමටවත් බලන්න උත්සාහ කලේ නෑ දිගටම ලිව්ව විතරයි මොකද මම හීනෙක හිටියෙ. ලියල ඉවරවෙලා ඇස් ඇරල බලද්දි මට තේරුනේ මම ලියල තියෙන්නෙ මොට වෙච්ච පැන්සලකින් කියල ඒත් ඒ මොට වෙච්ච පැන්සලෙන් උනත් ලියවිච්ච පාරවල් වැහෙන්න කව්දෝ එකෙක් තීන්ත වත් කරල....
මට ආයෙත් මගේ ඒ කවිය බලා ගන්න බෑ. ලිව්වෙ මොනාද කියල දැං මතකත් නෑ. මතක් උනත් ලියන්න දැං අතත් පණ නෑ. මොනා කරන්නද තීන්ත වක්කරපු එකා මම දන්නව ඒත් ඌ මට ඒ බව කියන්නෙ නෑ මොකද ඌට කොන්දක් නැතුව ඇති. සමහර වෙලාවට ඌ ඒක වත් නොකරන්නත් ඇති සමහරවිට ඌගෙ අතට ඇනල තීන්ත හලන්න ඇති.....
අනේ මංද මේක මාර ගූඨයි... මේ ලෝකෙ මිනිස්සුන්ට කෙලින් කතාකරන්න බැරි ඇයි... පස්සෙන් ඇවිත් පිහියෙන් අනින්නෙ නැතුව පපුවට අනින්න බැරි ඇයි .... එක එකාට ඊරෂ්‍යා නොකර ඉන්න බැරි ඇයි අනේ මංද ඔක්කොම ගූඨයි... ගූඨ දේවලුත් මේ ලෝකෙ තියෙන්න ඕන ඇති නැත්තං ඒත් ගූඨයි නෙ.....
Read more

Sunday, October 18, 2009

සදහටම file delete කිරීම..

9 අදහස්
හෆ්ෆා.. කාලෙකට පස්සෙ ආයෙත් ලියන්න ගත්ත. අම්මප මේ ටෙක්නිකල් දේවල් ලියල ලියල මටත් දැං එපා වෙලා තියෙන්නෙ හැබැයි ඉතිං ගොඩක් දෙනාගෙ ඉල්ලීම පිට මගේ මේ බ්ලොග් එකේ ටෙක්නිකල් දේවල් ටිකක් වැඩිපුර ලියන්න තීරණය කොරා. අනෙක් අදහස් වෙන බ්ලොග් එකක ලියනව හැබැයි මේකෙත් ඉදල හිටල වෙන මොනා හරි විකාරයක් දෙකක් ලියන්න තමයි හිතන් ඉන්නෙ. හරි කොහොම කොහොම හරි අදත් ඕං ලියන්න යන්නෙ Linux වල පොඩි ජිංජිබිරිස් එකක් තමයි....

අපි කවුරුත් දන්නවනෙ file එක්ක delete කල පළියට ඒක hard එකෙන් මැකිල යන්නෙ නෑ කියල ඒක්දි වෙන්නෙ වෙන file එකක් එතනට ලියවෙනකං ඒක ලබාගෙන හිටපු මතක ප්‍රමාණය නිදහස් කරන එකනෙ. ඒ හේතුව නිසා තමයි අපිට delete කරපු files recover කරගන්න පවා පුළුවන් වෙන්නෙ (ලිනක්ස් වලදි file recover කරගන්න විදිය ගැන මම ලියපු මෙන්න මේ ලිපියත් කියවල බලන්න කෝ.) ඉතිං මම අද කියන්න යන්නෙ file එකක් සදහටම hard එකෙන් එකවර delete කරගන්න ක්‍රමයක් ගැන.

මේකෙදි අපි පාවිච්චි කරන්නෙ shred කියන වැඩසටහන.
මුලින්ම terminal එක අරගෙන

shred -f -v -u file_to_delete.something

මෙහි : f -: අවශ්‍යනම් write permission සෑදීමට
v -: මෙමඟින් ටර්මිනලය මත සිදුවන ක්‍රියාවලිය පෙන්වයි (මෙම -v නොමැතිවුවද ප්‍රශ්නයක් නැත)
u -: file එක ඉවත් කිරීම.

නෝටිලස්ට shred එක් කිරීම

මුලින්ම terminal එකේ

sudo apt-get install nautilus-actions 

කියල කොටල nautilus-actions කියන එක install කරගන්න.
ඊට පස්සෙ System --> Preferences --> Nautilus Actions Configuration ගොස් ලැබෙන සංවාද කොටුවෙහි Add ඔබන්න.


(පේනව මදිනං පින්තූරෙ උඩ ඔබන්න..)

දැං nautilus restart කරන්න........


 
Read more