Saturday, October 24, 2009

ගූඨත්වය..

වෙනද වගේම මම එක දවසක් කොළෙයක් ළඟට අරන් පැන්සලක් අතට ගත්තෙ මගේ හිතේ තියෙන සිතුවිල්ලක් කවිපන්තියක් කරන්න කියල හිතාගෙන. ඒත් එදා මම කවිය ලිව්වෙ ආදරේ ගැන ඒ නිසා මම හිටියෙ හීන ලෝකෙක මම කවිය ලිව්ව දිගටම ලිව්ව කියවන්නෙ නැතුවම ලියල දැම්ම කොච්චර ලිව්වද කිව්වොත් මගේ අත රිදෙන කල්ම ලිව්ව ඒත්....
මම ලිව්වෙ මොකද්ද කියල මම නිකමටවත් බලන්න උත්සාහ කලේ නෑ දිගටම ලිව්ව විතරයි මොකද මම හීනෙක හිටියෙ. ලියල ඉවරවෙලා ඇස් ඇරල බලද්දි මට තේරුනේ මම ලියල තියෙන්නෙ මොට වෙච්ච පැන්සලකින් කියල ඒත් ඒ මොට වෙච්ච පැන්සලෙන් උනත් ලියවිච්ච පාරවල් වැහෙන්න කව්දෝ එකෙක් තීන්ත වත් කරල....
මට ආයෙත් මගේ ඒ කවිය බලා ගන්න බෑ. ලිව්වෙ මොනාද කියල දැං මතකත් නෑ. මතක් උනත් ලියන්න දැං අතත් පණ නෑ. මොනා කරන්නද තීන්ත වක්කරපු එකා මම දන්නව ඒත් ඌ මට ඒ බව කියන්නෙ නෑ මොකද ඌට කොන්දක් නැතුව ඇති. සමහර වෙලාවට ඌ ඒක වත් නොකරන්නත් ඇති සමහරවිට ඌගෙ අතට ඇනල තීන්ත හලන්න ඇති.....
අනේ මංද මේක මාර ගූඨයි... මේ ලෝකෙ මිනිස්සුන්ට කෙලින් කතාකරන්න බැරි ඇයි... පස්සෙන් ඇවිත් පිහියෙන් අනින්නෙ නැතුව පපුවට අනින්න බැරි ඇයි .... එක එකාට ඊරෂ්‍යා නොකර ඉන්න බැරි ඇයි අනේ මංද ඔක්කොම ගූඨයි... ගූඨ දේවලුත් මේ ලෝකෙ තියෙන්න ඕන ඇති නැත්තං ඒත් ගූඨයි නෙ.....

2 අදහස්:

වැප් said...

හැම දේම නැවැරදිව කරන්න උත්සාහ කරන්න.[මොට පැන්සලකින් ලීයු එක]. කිසි විටෙකත් "තමාට පහර ගැසිය හැකි" දේවල් අනික් අයට අසුවන මානයේ නොතබන්න.

කෙසේ වෙතත් ඔබට ඒ ලියු කවියම නැවත වරක් ලීවීමට හැකි වෙවායි පතමි

kesh said...

ඒක ඇත්ත වැප් ඒක මගේ අඩුපාඩුව, මට තිබ්බ ලියන්න කලින් බලන්න පැන්සලේ තුඩ තියෙනවද කියල. අනික මට තිබ්බ ඇස් දෙක ඇරගෙන ඒක ලියන්න හීන ලෝකෙ ජීවත් වෙන්නෙ නැතුව. එක්කො මමත් මගේ කවිය කාටවත් පේන්නෙ නැතුව හොරෙන් ලිව්වනං මොකෙක්ට වත් ඒකෙ තීන්ත හලන්නත් බෑ නෙ.. හ්ම්...

කොහොම උනත් වැප් ස්තූතියි ඔබේ ප්‍රාර්තනාවට...

Post a Comment