Saturday, June 20, 2009

අළුත් ඔපෙරාව

4 අදහස්
මම මේ කියන්න යන්නෙ සංගීත ඔපෙරාවක් ගැන නම් නෙමෙයි. මේ කියන්නෙ Opera web browser එකේ නවතම සහ විප්ලවීය සංස්කරණය ගැන. මම ගිනි නරියගෙ පිටේ නැගල සයිබර් ලෝකෙ සැරිසැරුවට ඉදල හිටල ඔපෙරාවෙනුත් වැඩ කරනව ඉතින් මට ඒකෙ අළුත් වැඩක් ගැන දැනගන්න ලැබුනු නිසා අළුත්ම සංස්කරණය බාගත කරල පොඩ්ඩක් පාවිච්චිකරල බැලුව බාගත කිරීමේ සබැඳි මම පසුව දෙන්නං.
අළුත් සංස්කරණය ඔවුන් හදුන්වාදෙන්නෙ Opera Unite කියල මෙහිදී තිබෙන විශේෂාංගය තමයි අපිට අපේ පරිඝනකය server එකක් විදියට භාවිතාකළ හැකිවීම. ඊට අමතරව Unite කියල ඔවුන් අදහස් කරන්නෙ Windows, Mac, Linux/Unix එකතු කිරීමේ වැඩ පිළිවෙලක්ලු.
මෙම අළුත් ඔපෙරාව හරහා අපිට photo sharing, file sharing වගේම අපේ පරිඝනකය web server එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද සලසා දෙනව. මේ සියළු පහසුකම් ලබාගැනීම සදහා අවශ්‍යවන්නෙ ඔපෙරා ගිණුමක් පමණයි එයද අපිට නොමිලේම ලබා ගන්න පුළුවන්.

 
මේ තියෙන්නෙ media player එකක් ලෙස භාවිත කළ හැකි අවස්ථාවක් මෙතන රතු පාටින් ලකුණු කරල තියෙන තැනින් තමයි Unite enable කරන්නෙ.

 
media player, file sharing වගේ දෙයක් භාවිතා කිරීමට ප්‍රථම අපි මෙම සංවාද කොටුව හරහා දෘඩ තැටියේ share කිරීමට අවශ්‍යය folder එක ලබාදිය යුතු වෙනව.

 
මේ තියෙන්නෙ web server එකක් ලෙස භාවිත කරන අවස්ථාවක්.

පාවිච්චි කරලම බලන්නකො...
මෙන්න ගිහින් බාගන්න..

වින්ඩෝස් පරිශීලකයින්.
Mac පරිශීලකයින්
Linux / Unix කට්ටිය

Linux කට්ටියට නං ගිහිල්ල ගැලපෙන එක බාගන්න වෙයි......

කසුන් කල්හාරයන්ගෙ රොමැන්ටික් ඔපෙරාව අහනගමන් තමයි මම මගේ ටෙක්නිකල් ඔපෙරාව ලිව්වෙ. ඔපෙරාව එළ නේද?
Read more

Friday, June 19, 2009

ගූගල් කේත පිටිය

3 අදහස්
මේ ගැන මම ටික දවසක ඉදන් ලියන්න හිටියෙ ඒත් ටිකක් ඒක අතපතගාලම ලියන එක හොඳයි කියල හිතුන. ගූගල් කේත පිටිය එහෙම නැත්තං Google Code Playground කියන්නෙ ගූගල්ලගෙ API ඒව අපිට ඉතා පහසුවෙන් තේරුම් ගැනීමට සහ කේතනය කිරීමට හැකියාව තියෙන තැනක්. මෙන්න මේ තියෙන්නෙ පිට්ටනියට යන පාර ගිහින් සෙල්ලං කරන්න

http://code.google.com/apis/ajax/playground/

මෙතන අපිට ගූගල් එළිදක්වපු ගොඩක් API පාවිච්චි කරන්න ඒව ගැන ඉගෙනගන්න අවස්ථාව ලැබෙනව ඒ අයගෙ sample codes සංස්කරණය කිරීමෙනුත් සෑහෙන දෙයක් ඉගෙනගන්න පුළුවන්. ඊට අමතරව වෙනස්කම් කරමින් code එක run කරන්න එතකොට debug කරන්න වගේ පහසුකම් මෙහි සපයා තියෙනව.

 
කොමද හොඳද? සෙල්ලං කළාද?
Read more

Saturday, June 13, 2009

ගූගල් රැල්ල - Google Wave

5 අදහස්

කවදත් වගේ ඔන්න මේ පාරත් ගූගල් එකෙන් අළුත් වැඩක් කරන්න යන්නෙ. මෙවර පැවති Google IO සමුළුවෙදි තමයි මුල්ම වතාවට මෙය ලෝකයට එළිදැක්වූයේ ඒත් මෙම වසරේ අවසානය පමණ වන තෙක් මෙය අපට භාවිත කළ හැකි වන්නේ නැහැ. නමින් මෙය Google Wave. මෙය ඉදිරියේදී විශාල විප්ලවයක් ඇතිකළ හැකි නවතම තාක්ෂණයකි.
මේක ඇත්තටම සාමාන්‍ය විද්‍යුත් තැපෑල ඒ වගේම චැට්, අනෙකුත් ලිපි ලියන දේවල්, විකි(wiki) එතකොට බ්ලොග් ලියන එක වගේ ගොඩක් දේවල් වලට යොදාගන්න පුළුවන් අළුත්ම විප්ලවකාරී තාක්ෂණයක් කෙටියෙන් කිව්වොත් GMail, GTalk, Google docs, blogger ඔක්කොම එකම තැනකට ගෙන ඒමක්. මේකෙදි අපිට wave එකක් කියල එකක් තමයි හදාගන්නෙ සාමාන්‍ය email සංවාද වලදි භාවිතා වෙන thread වලට වඩා මේක වෙනස් ඊට අමතරව චැට් වගේ දේවලදි මේක real time update වෙනව ඒකියන්නෙ අපි එක පැත්තක ඉදන් type කරනකොට අනෙක් පැත්තටත් ඒ විදියටම පේනව පින්තූර පවා අපිට drag N drop ක්‍රමයට wave එකට ලබාදුන්නම ඒ wave එක භාවිතා කරන හැමදෙනාටම එම මොහොතෙම update වෙනව ඒක ඇත්තටම ඉතා විශිෂ්ටයි. ඊට අමතරව ඉතාමත් හොද spell checker එකක් සහ විවිධ භාෂා විශාල ප්‍රමානයකට සහය ලබාදීම වගේ දේවලුත් මේකෙ ඇතුලත්.
wave robots සහ wave gadgets කියල මෙහි තව කොටස් දෙකක් තියෙනව විශේෂයෙන්ම බ්ලොග් ලියන දෙයට ඉදිරියෙදි bloggy කියන wave robot අපිට සෑහෙන්න වැදගත් වෙයි.

කොහොම උනත් දැන්ම අපිට account එකක් ලබාගන්න අමාරුයි. ඒත් sand-box access කියල developer කෙනෙක් විදියට එහි ගිණුමක් ලබාගන්න අයදුම් කරන්න පුළුවන්.

වෙලාව තියෙනවන් මෙන්න Google IO 2009 සමුළුවෙදි Google Wave ලොවට හදුන්වාදීපු වීඩියෝ එක හැබැයි මේක විනාඩි 80 ක් !!



කොහොමද රැල්ල මැක්සා නෙ.........
Read more

Sunday, June 7, 2009

ගිනි නරියට ඇඩෝන හදමු..

5 අදහස්
ඔන්න ආයෙත් ලියන්න යන්නෙ තාක්ෂණික දෙයක් දැන් තාක්ෂණික දේවල් කියවල එපා වෙලා ද? නෑ නෙ..:-)

මම ළගදි ගිනි නරිය 3.5 බාලා
ප්‍රතිස්ථාපනය කරගත්ත. තාම බීටා තත්වෙ තමයි තියෙන්නෙ. ඒත් වේගය ගැනනං කියන්න දෙයක් නෑ.. මරු...ආහ් මම ගිනි නරිය ගැන කියන්න නෙමෙයිනෙ ආවෙ....

හරි හරි දැන් මාතෘකාවට බහිමුකො.
______________________________________________________________________

මොසිල පදනම විසින් කරන Mozilla labs වලින් ළඟදි jetpack කියල API එකක් එළි දැක්වූව ඒක පාවිච්චිකරල අපිට අපි දන්න HTML, CSS, javascript සහ JQuery වගේ දැනුමෙන් ඉතා ලෙහෙසියෙන් ගිනි නරියට ඇඩෝන හදාගන්න පුළුවන්. මුලින්ම jetpack API එක ගිනි නරියගෙ ප්‍රතිස්ථාපනය කරගන්න ඕන.ඒකට මෙන්න මේ ලින්ක් එක පාවිච්චි කරන්න.


ඔය පෙනෙන්න තියෙන develop කියන tab එකෙන් අපිට පොඩි පොඩි දේවල් develop කරගන්න පුළුවන් ඊට අමතරව API reference සහ tutorial කියන ඒව පාවිච්චි කරල jetpack API එක ගැනත් ඇඩෝන හදන හැටි ගැනත් දැනුම ලබාගන්න පුළුවන්...
______________________________________________________________________
jetpack API ගැන කිව්වනෙ ඊට අමතරව මට තව අළුත් දෙයක් හමුවුනා ඒක online code editor එකක් වගේ විශේෂයෙන්ම ඒක jetpack API එකටත් support නමින් Bespin ඒකට ගිහින් sign up වෙලා dashboard එකෙන් editor එකට යන්නකො.



jetpack project එකක් අළුතින් හදන්නනං ඔය කොළ පාටින් ලකුනු කරපු තැනට

jetpack create yourProjectName

කියල විධානය දෙන්න එතකොට අළුත් project එකක හැදෙනව.
ඔය තිර පිටපතේ රතු පැහැයෙන් රවුම් කරල තියෙන එක default දෙන්නෙ නෑ ඒක ගන්න නං ඔය කොළ පාටින් පෙන්නපු තැනට

set jetpack on

කියල විධානය දෙන්න ඕන. දැන් පෙනෙන්න තියෙන editor එකේ code ලියල අර රතු පාටින් රවුම් කරපු එක click කරල ඒ ඇඩෝනය browser එකට install කරගන්න පුළුවන්.
_______________________________________________________________________
ඕක තමයි මම අළුතෙන් හොයාගත්තෙ ඉතිං ඔයාලගෙ අදහසුත් ලියන්නකො..

Spread Firefox Affiliate Button
Read more