Saturday, June 20, 2009

අළුත් ඔපෙරාව

මම මේ කියන්න යන්නෙ සංගීත ඔපෙරාවක් ගැන නම් නෙමෙයි. මේ කියන්නෙ Opera web browser එකේ නවතම සහ විප්ලවීය සංස්කරණය ගැන. මම ගිනි නරියගෙ පිටේ නැගල සයිබර් ලෝකෙ සැරිසැරුවට ඉදල හිටල ඔපෙරාවෙනුත් වැඩ කරනව ඉතින් මට ඒකෙ අළුත් වැඩක් ගැන දැනගන්න ලැබුනු නිසා අළුත්ම සංස්කරණය බාගත කරල පොඩ්ඩක් පාවිච්චිකරල බැලුව බාගත කිරීමේ සබැඳි මම පසුව දෙන්නං.
අළුත් සංස්කරණය ඔවුන් හදුන්වාදෙන්නෙ Opera Unite කියල මෙහිදී තිබෙන විශේෂාංගය තමයි අපිට අපේ පරිඝනකය server එකක් විදියට භාවිතාකළ හැකිවීම. ඊට අමතරව Unite කියල ඔවුන් අදහස් කරන්නෙ Windows, Mac, Linux/Unix එකතු කිරීමේ වැඩ පිළිවෙලක්ලු.
මෙම අළුත් ඔපෙරාව හරහා අපිට photo sharing, file sharing වගේම අපේ පරිඝනකය web server එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාවද සලසා දෙනව. මේ සියළු පහසුකම් ලබාගැනීම සදහා අවශ්‍යවන්නෙ ඔපෙරා ගිණුමක් පමණයි එයද අපිට නොමිලේම ලබා ගන්න පුළුවන්.

 
මේ තියෙන්නෙ media player එකක් ලෙස භාවිත කළ හැකි අවස්ථාවක් මෙතන රතු පාටින් ලකුණු කරල තියෙන තැනින් තමයි Unite enable කරන්නෙ.

 
media player, file sharing වගේ දෙයක් භාවිතා කිරීමට ප්‍රථම අපි මෙම සංවාද කොටුව හරහා දෘඩ තැටියේ share කිරීමට අවශ්‍යය folder එක ලබාදිය යුතු වෙනව.

 
මේ තියෙන්නෙ web server එකක් ලෙස භාවිත කරන අවස්ථාවක්.

පාවිච්චි කරලම බලන්නකො...
මෙන්න ගිහින් බාගන්න..

වින්ඩෝස් පරිශීලකයින්.
Mac පරිශීලකයින්
Linux / Unix කට්ටිය

Linux කට්ටියට නං ගිහිල්ල ගැලපෙන එක බාගන්න වෙයි......

කසුන් කල්හාරයන්ගෙ රොමැන්ටික් ඔපෙරාව අහනගමන් තමයි මම මගේ ටෙක්නිකල් ඔපෙරාව ලිව්වෙ. ඔපෙරාව එළ නේද?

4 අදහස්:

Thilina said...

මම නම් දැනට අවු 2 ක ඉදලා ඔපෙරා තමා. පට්ට web browser එකක්

Indranama said...

එල එල, මමත් බාගෙන දාගත්තා.
‍පෙනුමින් නම් සිරා.. බලමු වැඩ කරලා...

Anu said...

මේකෙ මෙමරි මැනෙජ්මන්ට් එහෙම නරියට වඩා හොඳද?

kesh said...

@ Anu
ඔපෙරා කළින් එකට වඩා මේකෙ මෙමරි මැනෙජ්මන්ට් හොදයි වගේ. කොහොමත් නරියට කෑලි බෑලි වැඩියෙන් දැම්මම මෙමරි වැඩිපුර යනවනෙ.
මෙන්න මෙතනට ගිහින් ඔබේ browser එක පරීක්ෂාකරගන්න.
http://service.futuremark.com/peacekeeper/

Post a Comment