Sunday, May 31, 2009

උබුන්ටු වල සැගවුණු බිත්තර..

හ්ම්..ඔන්න ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් මම ආව මේකෙ බ්ලොග් එකක් ලියන්න පහුගිය දවස්වල ටිකක් වැඩ තිබ්බ ඊට අමතරව දන්නවිදියට පද අමුණල කවි ලියන්න ගත්ත.කොහොම කොහොම හරි ඔන්න ආයෙත් මම මනෝ විකාරයක් ලියන්න යන්නෙ.
________________________________________________________________________________________________

හරි අද මම කියන්න යන්නෙ උබුන්ටු වල Eater Eggs ටිකක් ගැන.

හරි ඔන්න එහෙනම් අග්‍රය(Terminal) ගන්නකො අරගෙන මෙන්න මේ විධානය දීල බලන්න.

aptitude moo
aptitude -v moo


ඊට පස්සෙ v අකුරු ගණන 6 දක්වා වැඩිකරගෙන යන්න.

aptitude -vvvvvv moo

දැන් මොකද වෙන්නෙ?

Open Office වල Easter eggs

Open Office Calc :

මුලින්ම Calc විවෘත කරගෙන ඒකෙ cell එකක් ඇතුලෙ =GAME() කියල type කරල enter කරල බලන්න.
ඊළගට කලින් විදියටම cell එකක් ඇතුලට =GAME("Froggie") කියල type කරල enter කරන්න.
ඊට අමතරව Calc එක ඇතුලෙ පොඩි game එකක් ගහන්න ආසනම් කලින් විදියට =GAME("StarWars") කියල type කරල enter කරන්නකෝ.

Open Office Writer :

්Writer විවෘත කරල හිස් ලියවිල්ලක් අරගෙන එහි StarWriterTeam කියල ලියල F3 ඔබන්න.
ඒ විදියටම හිස් ලියවිල්ලකත් GoOOTeam කියල ලියල F3 ගහල බලන්නකෝ.

ඔය පොඩි පොඩි දේවල් ටිකක් මීට අමතරව දෙයක් දන්නවනම් යටින් ලියල යන්න ඒක අපි ඔක්කොටම උදව්වක් වෙයි.

ආ... තව දෙයක් තව පොඩ්ඩෙන් අමතක වෙනව, උබුන්ටු වල පොඩි වැඩක් ලියන්නත් එක්ක ආවෙ.
අපි අග්‍රය භාවිතා කරද්දි ගොඩක් වෙලාවට spellings mistakes වෙනව නෙ. ඉතිං ඒවගේ සමහර දේවල් ඉබේටම හරිගස්සන ක්‍රමයක් තමයි මම කියන්න යන්නෙ හැබැයි හැම වැරැද්දක්ම හදන්නෙ නෑ සමහර ඒව විතරයි.
මුලින්ම අග්‍රය අරගෙන

gedit .bashrc

ගහල .bashrc file එක විවෘත කරගන්න ඊට පස්සෙ ඒ file එකේ යටින්

shopt -s cdspell

කියල type කරල file එක save කරන්න. දැන් හරි,
උදා :-
අපි cd /opt වෙනුවට cd /otp හරි cd /etc වෙනුවට cd /ect වගේ type කලොත් ඒ වැරදි ඉබේම හදනව හැබැයි කලින් කිව්ව වගේ හැම වැරැද්දක්ම හදන්නෙ නෑ.

මම මේක කඩ්ඩෙනුත් ලිවෙව අපේ UCSCLODGE එකේ ඔන්න ඕනනං ගිහිං බලන්නකෝ.
_______________________________________________________________________________________________
හරි ඔන්න මම ලිව්ව දැන් ඉතිං ඔබේ අදහස තමයි වටින්නෙ easter eggs ටික වැඩ කල විදිය ලියල යනවනම් බොහොම ස්තූතියි.

12 අදහස්:

Unknown said...

එළ

Ravin said...

නියමයි. මරු! ඔක්කොම ටික අගේට වැඩ කරා. මට මතකයි MS Excel 97 වලත් 3D flying simulation එකක් තිබුනා. තාමත් ගොඩක් apps වල මේ වගේ seen තියෙනව.

මොනව වුනත් aptitude ලියපු පොර තමයි නියමෙටම වැඩේ කරල තියෙන්නෙ...

Anonymous said...

එළ. මම ඉන්නෙ ෆෙඩෝරා වල. ඒක නිසා උබුන්ටු ටික නම් බලන්න බැරි වුණා.

oowriter වල GoOOTeam එක නම් වැඩ කරේ නෑ.

අනිත් ඒවා නම් වැඩ.

බොහොම ස්තුතියි.

kesh said...

@ thiraya
ආහ්..GoOOTeam එක වැඩ කරන්නෙ මෙන්න මේ version http://go-oo.org/download/
වලට විතරයි සමහරවිට ඒනිසා වෙන්න ඇති වැඩ නොකලෙ.. කෝමහරි ඒ ගැන කිව්වට ස්තූතියි !

ශාකුන්තල | Shaakunthala said...

අපූරුයි! Star Wars නම් ඇබ්බැහි වෙන්නත් ඉඩ තියෙනවා.

CJ said...

එල එල මචෝ මැක්සා easter eggs ටික.

kesh said...

@ ශාකුන්තල
ඒකනං හැබෑව අයියේ ඕක උනත් ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනව. හික්..හික්...
@ සියල්ලෝම
බොහොම ස්තූතියි !!

ජිවිතය said...

මචන් Open Office Writer : කියන්නේ මොකක්ද?මට තම තේරුනේ උඹ කියන්නෙ මොකක්ද කියල?

ජිවිතය said...

මචන් Open Office Calc : කියන්නේ මොකක්ද?මට තම තේරුනේ උඹ කියන්නෙ මොකක්ද කියල?

`~Deshapriya~` said...
This comment has been removed by the author.
`~Deshapriya~` said...

මචන් අයෙෂ් : කියන්නේ මොකක්ද?මට තම තේරුනේ උඹ කියන්නෙ මොකක්ද කියල?

kesh said...

@ අයේෂ්
උඹ word දන්නවනේ අන්න ඒවගේ තමයි writer, එතකොට excel වගේ එක තමයි calc. ඕනමනං පොඩ්ඩක් search එකක් දාල වැඩි විස්තර හොයපං.

Post a Comment