Wednesday, July 29, 2009

යාහූ දැන් අළුත් වෙලා...

යාහූ කියන්නෙ ප්‍රසිද්ද වගේම හොඳ search engine එකක් ඒත් ගූගල් ආවට පස්සෙ යාහූට තිබ්බ ජනප්‍රියත්වය ටිකෙන් ටික අඩුවෙලා ගූගල් අංක එකේ search engine එක බවට පත් වුණා. කොහොම හරි යාහූට අමතරව මයික්‍රොසොෆ්ට් එකටත් ගූගල් search engine එක ලොකු අභියෝගයක් වෙලා තිබ්බෙ.ඒ නිසා මයික්‍රොසොෆ්ට් විසින් Bing කියන search engine එක මෑතකදි හදුන්වා දුන් අතර එය ඉතා හොඳ search engine එක බවයි පෙණුනෙ ගූගල්ට අභියෝගයක් වීමටයි Bing නිකුත් වුණේ.
කොහොමවුණත් අද(2009-07-29) යාහූ සහ මයික්‍රොසොෆ්ට් සමාගම් එකඟතාවයකට ආව එයට අනුව යාහුගෙ search engine එක බවට පත්වෙන්නෙත් Bing ඒකියන්නෙ Bing වල algorithm එක. මේ තියෙන්නෙ අළුත් යාහූ http://m.www.yahoo.com

 
මේ වෙළඳ ගණුදෙනුවෙදි වෙළද දැන්වීම්කරණය(advertising) පිළිබඳ වගකීම දරන්නෙ ප්‍රධාන වශයෙන් යාහූ. කෙසේ වුවත් මේ එකඟතාවයෙන් අපිට හොඳක් වෙනවනං එච්චරයි. :) 

3 අදහස්:

Lasantha Samarakoon said...

Anyway... (Yahoo + Microsoft) < Google

budhajeewa said...

මම නං Microsoft සේවා මොනවත් භාවිතා කරන්නේ නෑ. Yahoo! භාවිතා කරන්න කැමති නෑ. ඕවා මොකටද Google තියනකොට ?

Adaraneeya Pasala said...

සුපුන් කිව්ව කතාව හරි

Post a Comment