Saturday, July 25, 2009

GMail වලින් Tweet කරමු.

මේ දවස්වල අපිට විභාගෙනෙ ඉතින් පුදුම ආතල් එකක් තියෙන්නෙ. යන්තං විශයයන් 2ක් ඉවරයි ඒත් තව 2ක් තියෙනව කොහොමහරි විභාගෙ තිබ්බ කියල මගේ වැඩ නවත්වන්න පුළුවන්යැ.

මට අද හමුවුණා පොඩි ගැජට් එකක් මේක සමහරවිට දන්නවත් ඇති ඒත් නොදන්න අයට දැනගන්න මම ඒ ගැන ලියන්න කියල හිතුව.

Twitter  කියන්නෙ හැමෝම වගේ පාවිච්චි කරන දෙයක්නෙ. tweet කරන්න අපි විවිධ ක්‍රම අනුගමනය කරනවනෙ. සමහර අය වෙබ් අතුරු මුහුණත භාවිතා කරනව සමහරු desktop client ඒව භාවිතා කරනව කොහොමහරි මට අද හමුවුණ ගැජට් එක භාවිතා කරල GMail වල ඉදන්ම tweet කරන්න පුළුවන්.

මුලින්ම GMail වලට log වෙලා එහි settings වලට ගිහින් Labs කියන ටැබයට යන්න එහි Add any gadget by URL යන්න enable කොට save කරන්න.


ඊළඟට settings වලම තියෙන Gadgets කියන ටැබයට ගිහින් එයට 

 http://www.twittergadget.com/gadget_gmail.xml

යන්න ලබා දී add කරන්න.
 
 
 
දැන් twitter එක GMail වල ඉදන්ම update කරන්න පුළුවන්.
 
හරි ඔන්න එහෙනං GMail වලින්ම tweet කරන්නකො මම යනව පාඩම් කරන්න. :)
 

4 අදහස්:

Anju said...

මම මේක දාගත්තා..ස්තූතියි..!!

Idda said...

බොහෝම ස්තුතියි.. මමත් මේක හොය හොයා හිටයෙ..

NUWAN said...

ස්තුතියි ඔබට.මමත් අත් හදා බලන්නම් මෙය.

Unknown said...

Thanks!!

Post a Comment