Saturday, January 9, 2010

ගිනි නරියා ටියුන් කිරීම...

හා හා පුරා කියල ඔන්න අද තමයි අළුත් අවුරුද්දෙ බ්ලොග් එකක් ලියන්න ඉස්පාසුවක් ලැබුනෙ. අද මම ලියන්න යන්නෙ අන්තර්ජාලයෙ සැරිසරන්න අපි පාවිච්චි කරන ගිනි නරිය ටියුන් කරගන්න පුළුවන් ක්‍රම කීපයක් ගැන..
ගිනි නරිය ගැන ලිව්වට මමත් වැඩිපුරම පාවිච්චි කරන්නෙ නම් ගූගල් ක්‍රෝම් තමයි ඒත් ලිනක්ස් වලදි ක්‍රෝම් වල සිංහල කියවීමේ දී හා ලිවීමේදී ප්‍රශ්නයක් තිබෙන නිසා මම සිංහල සම්බන්ද වැඩක් කරද්දි භාවිතා කරන්නෙ ගිනි නරිය. එය පොඩ්ඩක් වේගවත් කරගන්න ක්‍රමටිකක් ගැන තමයි මම අද ලියන්න කල්පනා කළේ.

1.Minimize කළ පසු RAM භාවිතය 10MB හි තබා ගැනීම.

මේ සදහා මුලින්ම address bar එකේ about:config යනුවෙන් ලබාදෙන්න ඉන් අනතුරුව ලැබෙන පිටුව මත right click කර ලැබෙන මෙනුවෙන් New --> Boolean තෝරා එවිට ලැබෙන සංවාද කොටුවට config.trim_on_minimize ලෙස ලබා දෙන්න ඉන්පසුව true ලෙස තෝරාන්න.

2. Cache feature එක සදහා භාවිත කරන රැම් ප්‍රමානය අවම කිරීම

about:config ලෙස address bar එකෙහි ලබා දී ඉන්පසු..
browser.sessionhistory.max_total_viewer යන්න සොයා එහි value යන්න 0 කරන්න.




3. page load කරන වේගය වැඩි කර ගැනීම.

පෙර පරිදිම about:config ලබාදෙන්න. ඉන්පසු පහත ලබා දී ඇති entries වල අගයන් ඒ ආකාරයට වෙනස් කරන්න.

network.http.pipelining යන්න true ලෙස,
network.http.proxy.pipelining යන්න true ලෙස,
network.http.pipelining.maxrequests යන්න 10 ලෙස, මෙමඟින් කියවෙනුයේ වරකට request උපරිම වශයෙන් 10 ක් කළහැකි බවයි

ඉන්පසු පිටුව මත right click කොට New --> Integer දී එහි nglayout.initialpaint.delay ලබාදී එහි අගය ලෙස 0 ලබා දෙන්න...

එපමණයි....දැන් ගිනි නරියා යළි පණගන්වා බලන්න වේගවත්ද කියල... :)

7 අදහස්:

බිඟූ said...

අඩෝ එලම එකක්

/බිඟුවා...!

Anonymous said...

Marvalous!! Thanks!

Unknown said...

අඩේ මේක අදයි දන්නේ | එල එල කරලම බලන්න ඔනේ | තැන්ක්ස් කිව්වා ඔත්තුවට

වැප් said...

අඩේ නියමයි නේ

Unknown said...

ඔන්න මමත කලා. හැබැයි පුතෝ මගේ browser එකට කෙළවලා ගියොත් ඉතින් කැම්පස් එකේදි උඹව අල්ල ගන්නවා. :D

kesh said...

@ All වෙල්කං වේවා කිව්ව හැමෝටම
@ සුසිත :P

Damith said...

ela kiri saha jalaya

Post a Comment