Monday, April 27, 2009

facebook නොයා facebook එකේ චැට් කරමු.

මමත් කාලයක් මූණුපොතෙන් ඈත්වෙලා ඉදල ආයෙත් දැන් මාසෙකට විතර කලින් account එක reactivate කරගත්ත.කොහොමහරි මට ඕන උණේ මගේ පරණ යාළුවොත් එක්ක පොඩ්ඩක් කතාකරන්න මිසක් ඕක අස්සෙ රිංගගෙන ඉන්න නෙමෙයි.ඉතිං මම බැලුව facebook නොයා chat කරන විදියක්.මේක උබුන්ටු පාවිච්චි කරන අය නම් දන්නවත් ඇති.ඒත් නොදන්නා අයගේ දැන ගැනීම පිණිස මේ ගැන ලියන්න කියල හිතුන.
මේක කරන්නෙ Pidgin වලින්.එච්චර ලොකු වැඩක් නෙමෙයි.හරිම ලේසියි.windows පාවිච්චි කරන අය නම් සමහරවිට Pidgin ගැන දන්නෙ නැතුවත් ඇති Pidgin නැත්තං ඔන්න ගිහින් බාගන්න windows අය: මෙතනට යන්න.උබුන්ටු අයට නම් Pidgin තියෙනව නෙ.Mac පාවිච්චි කරන අයටත් මෙන්න ආ.
හරි දැන් ඔන්න Pidgin හරි කියමු.ඒක install කරන එක ඉවරනම් ඊළගට.ඒකට පොඩි plugin එකක් දාගන්න තියෙනව.එතනදිත් windows අය මෙන්න මේකත් උබුන්ටු අය මෙන්න මේකත් බාල install කර ගන්න.
ඊටපස්සෙ pidgin run කරල ඒකෙ Accounts වල තියෙන Manage කියන එකට ගිහින් ලැබෙන dialog box එකේ add කියන එක click කරල ඊළගට එහි protocol ලෙස facebook ලබාදී ඔබේ facebook පරිශීලක නාමය සහ රහස් පදය ලබාදී save කරන්න.
දැන් ඔබට facebook නොයා facebook චැට් කරන්න පුළුවන් pidgin හරහා..

7 අදහස්:

kesh said...

ආ... තව දෙයක් අමතක උනා.Twitter protocol එකත් ඔය විදියටම configure කරගන්න පුළුවන්..:D

දිලාන් said...

ස්තුතියි.නියම ගැජට් එක. මම මගේ Gtolk එකේ ඉන්න සමහර අයව සින්හලෙන් Rename කරලා තියෙන්නේ.සින්හලෙන් තියෙන නම් නම් පෙන්නන් නැ.

Anu said...

මේක මං හිතන්නෙ digsby වලට වඩා හොද පාටයි. අහල තිබුනට පාවිචි කලේ නෑනේ. මං බලන්නං

Unknown said...

ඕකෙන් අන්තර්ජාල සම්බන්ධතාවයේ දත්ත ධාරාව අනවශ්‍ය ලෙස පාව්ච්චි කරන දෝශයක් තියනව මම හිතන්නේ. pidgin වල දොසයක් නෙමේ facebook chat engine එකේ දොසයක් හේතුව මම දන්න විදිහට.

Anonymous said...

elane :D

Sameera Silva said...

වැඩේනම් එල.proxy එකකින් facebook බ්ලොක් කරල තියෙද්දි චැට් එක ලෝඩ් කරගන්න පුලුවන් ක්‍රමයක් නැද්ද.....???

Anonymous said...

This is nice machan ! But for windows users they can easily chat in facebook without going into the facebook by WIDGETS....::

Post a Comment