Saturday, June 13, 2009

ගූගල් රැල්ල - Google Wave


කවදත් වගේ ඔන්න මේ පාරත් ගූගල් එකෙන් අළුත් වැඩක් කරන්න යන්නෙ. මෙවර පැවති Google IO සමුළුවෙදි තමයි මුල්ම වතාවට මෙය ලෝකයට එළිදැක්වූයේ ඒත් මෙම වසරේ අවසානය පමණ වන තෙක් මෙය අපට භාවිත කළ හැකි වන්නේ නැහැ. නමින් මෙය Google Wave. මෙය ඉදිරියේදී විශාල විප්ලවයක් ඇතිකළ හැකි නවතම තාක්ෂණයකි.
මේක ඇත්තටම සාමාන්‍ය විද්‍යුත් තැපෑල ඒ වගේම චැට්, අනෙකුත් ලිපි ලියන දේවල්, විකි(wiki) එතකොට බ්ලොග් ලියන එක වගේ ගොඩක් දේවල් වලට යොදාගන්න පුළුවන් අළුත්ම විප්ලවකාරී තාක්ෂණයක් කෙටියෙන් කිව්වොත් GMail, GTalk, Google docs, blogger ඔක්කොම එකම තැනකට ගෙන ඒමක්. මේකෙදි අපිට wave එකක් කියල එකක් තමයි හදාගන්නෙ සාමාන්‍ය email සංවාද වලදි භාවිතා වෙන thread වලට වඩා මේක වෙනස් ඊට අමතරව චැට් වගේ දේවලදි මේක real time update වෙනව ඒකියන්නෙ අපි එක පැත්තක ඉදන් type කරනකොට අනෙක් පැත්තටත් ඒ විදියටම පේනව පින්තූර පවා අපිට drag N drop ක්‍රමයට wave එකට ලබාදුන්නම ඒ wave එක භාවිතා කරන හැමදෙනාටම එම මොහොතෙම update වෙනව ඒක ඇත්තටම ඉතා විශිෂ්ටයි. ඊට අමතරව ඉතාමත් හොද spell checker එකක් සහ විවිධ භාෂා විශාල ප්‍රමානයකට සහය ලබාදීම වගේ දේවලුත් මේකෙ ඇතුලත්.
wave robots සහ wave gadgets කියල මෙහි තව කොටස් දෙකක් තියෙනව විශේෂයෙන්ම බ්ලොග් ලියන දෙයට ඉදිරියෙදි bloggy කියන wave robot අපිට සෑහෙන්න වැදගත් වෙයි.

කොහොම උනත් දැන්ම අපිට account එකක් ලබාගන්න අමාරුයි. ඒත් sand-box access කියල developer කෙනෙක් විදියට එහි ගිණුමක් ලබාගන්න අයදුම් කරන්න පුළුවන්.

වෙලාව තියෙනවන් මෙන්න Google IO 2009 සමුළුවෙදි Google Wave ලොවට හදුන්වාදීපු වීඩියෝ එක හැබැයි මේක විනාඩි 80 ක් !!



කොහොමද රැල්ල මැක්සා නෙ.........

5 අදහස්:

Pavithra Siriwardena said...

wow mekanam niyamai :)

පොතේ ගුරා said...

සතුටුදායක පුවතක්..බොහොම ස්තූතියි..

Chrishi said...

AJAX බලේ වගේ..!!!!

Lasantha Samarakoon said...

පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. Congratz Google...!!!

kesh said...

@ පවිත්‍රා
අයෙත් අහල නියමයි. මරේ මරු... :-)
@ පොතේ ගුරා
ඔව් ඇත්තටම මේකෙන් ඉස්සරහට සෑහෙන්න ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි.
@ Chrishi
ඔව් AJAX ට සමාන තාක්ෂණයක් වගේ.. සමහරවිට GWT තවදුරටත් දියුණු කරල වෙන්න පුළුවන් නේද?
@ ලසන්ත
ඔව් ඉතිං උඹට කොමත් පිස්සුනෙ බං.. ඕක ආයෙ හැදෙන්නෙ නෑ. වගකීමෙන් කියන්නෙ ඒ නිසා බය වෙන්න එපා.
@ All
කොමෙන්ට් කරල මාව දිරිගැන්නුවට ස්තූතියි !

Post a Comment