Saturday, July 18, 2009

රැල්ලට හසු වුණෙමි. - Wave sandbox access

මේ දවස් වල පුදුම විදියට වැස්ස හොඳට ගුලි වෙලා නිදාගන්නමයි හිත ඒත් කොහෙද මේ විභාගයක්ද මොකද්ද තියෙනව නෙ සඳුදට ඉතිං හැමදාම ඒකට ලෑස්තිවෙන්න කියල ඉන්නව කොහෙද තාම බැරිවුණා. කොහොමහරි අද වැඩක් කරන්න කියල හිටියෙ ඒත් අද මට ගූගල් වේව් ගිණුමක් ලැබුනනෙ ඉතිං අද ඒක අත පත ගාපු එකතමා කලේ.

ගූගල් වේව් ගැන මම ආයෙත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඕනනං මම කලින් ඒ ගැන ලියපු ලිපියත් කියවලම බලන්නකො. වේව් තවම තියෙන්නෙ developer preview විදියට. ඔන්න මම තිර පිටපත් ටිකක් දාන්නම්.
මේ තමයි මම මුලින්ම ගිණුමට ඇතුලු වෙච්ච අවස්තාවෙ තිබ්බ විදිය.

ඊට අමතරව අපිට සාමාන්‍ය GMail ගිණුමකට සමාන ගිණුමකුත් ලැබෙනව. හැබැයි මේක 25600MB අපිට ලබා දෙනව.

මේ තියෙන්නෙ bloggy කියන robot ව පාවිච්චි කරපු අවස්ථාවක් bloggy කියන robot පාවිච්චි කරල blog ලියන එකට වේව් යොදාගන්න පුළුවන්.

ඊට අමතරව twitbot කියන robot යොදාගෙන twitter එක වේව් වල ඉදන්ම හසුරවන්න පුළුවන්.
මම දැනට Wave API ටික පොඩ්ඩ පොඩ්‍ඩ බලනව (විභාගෙකුත් තියෙනව :( සඳුදට) ඉදිරියේදි wave ගැන සහ wave develop කරන දේවල් ගැන මගේ කඩු බ්ලොග් එකේ ලියන්න ඉන්නෙ ( http://techgossipz.blogspot.com ) එහෙනං මම යනව තව ටිකක් රැල්ල පාගන්න........

15 අදහස්:

änthräX said...

පුලුවන්නම් invitation එකක් එවන්නකො anthr6x@gmail.com වලට.

Unknown said...

please invite me at jbjb3077@gmail.com, jaya wewa

චමිදේවා said...

පුලුවන් නේද ඇරයුමක් අපිටත් දෙන්න.මමත් ඇප්ලයි කලා. තවම ආවේ නෑ.wasala0329@gmail.com

Indranama said...

මචං මටත් ඉන්විටේෂන් එකක් දෙන්න පුලුවන්ද?
indranama@gmail.com

budhajeewa said...

මටත් ඉන්විටේෂන් එකක් එවන්න.

budhajeewa AT gmail DOT com

Kasun said...

මටත් ඉන්විටේෂන් එකක් එවන්න පුලුවන්ද?
mailtokasun[at]gmail.com

චතුර වික්‍රමරත්න said...

හ්ම්ම්ම්... මට හම්බවුනේ නැහැනේ... :(

මල්ලි මොනව හදනවා කියලද ඉල්ලුවේ? :D

Anonymous said...

මටත් එකක් දෙනවද? malinthe (at) gmail dot com

පොතේ ගුරා said...

පුලුවන් නම් baiskoop@gmail.com වලටත් එකක් එවන්න.. :)

kesh said...

සියළුම දෙනා වෙත දන්වමි,
මම හොයල බැලුව මට ඔයගොල්ලන්ට invite කරන්න පුළුවන්ද කියල ඒත් එහෙම ක්‍රමයක් තවම හොයාගත්තෙ නෑ මම තව උත්සාහ කරන්නම්. මොකද invitations එවන්නෙ googlewaveinvites කියල group එකකින් ඒකට මට access නෑ. ඒත් google wave api කියන group එකට නම් ඕන කෙනෙක්ට සම්බන්ද වෙන්න පුළුවන්. ඒක් thread එකක තිබ්බ දැනට ඉන්න users ලට වෙන අයට invite කරන්න බෑ කියල http://tinyurl.com/nwmrgh කොහොම උනත් මම තව උත්සාහ කරල බලන්නම් කොහොමත් හැමෝම apply කළානම් බයවෙන්න එපා. මාසයක් ඇතුළත developer accounts වලට apply කරපු අයට දෙනවලු.

Anu said...
This comment has been removed by the author.
Anu said...

මාත් අහන්න හැදුවෙ එකක් එවන්න කියල..
ආහ් කමෙන්ට් එක දැක්කෙ පස්සෙනෙ.. අයියෝ.. අපරාදේ..

kesh said...

මෙන්න මේකත් පොඩ්ඩක් කියවල බලන්නකො. http://tinyurl.com/nbhfcr

crazycharith said...

nice work man.....rock with wave

ශාකුන්තල | Shaakunthala said...

කලින් පෝස්ට් එකේ වීඩියෝ එක දැක්කාම වැඩේ ගැන ආසාවක් ඇති වුණා. Touch Screen ලැප්ටොප් එකක් තියෙනවනං මරේ මරු.

Post a Comment