Thursday, November 12, 2009
අල, අලයෝ සහ අලවීම..
ලියුවේ : kesh වෙලාව : 3:48 PMSolanum tuberosum Linnaeus යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන අල, අප විසින් එදිනෙදා ආහාරයේදී නිතරම වාගේ අනුභව කරනු ලබයි. ලංකාවේ අල ගැන සැළකීමේදී නුවර එළිය කාගෙත් මතකයට නැඟේ. නමුත් අප නොදන්නා වුවද කොළඹ ද අල වැවීමට හොඳ ප්රදේශයකි.
විශ්ව විද්‍යාල භාෂාවෙන් අල යන්නට නොයෙකුත් අර්ථදැක්විම් විවිධ ප්‍රබුද්ධයන් විසින් ලබා දී ඇති අතර බොහෝ විට අධ්‍යාපනයට පමණක් ලැදි බහුතරයෙන් කොන්වූ පුද්ගලයින් අල යනුවෙන් හදුන්වයි. මොවුන් බොහෝවිට කිසිදු ආකාරයක බාහිර වැඩකට සම්බන්ද නොවන අතර වෙනමම තවත් "අලයින්" සමඟ පමණක් එක්ව සිටින අතර පොත පත පමණක් ඔවුන්ගේ මිතුරන් වේ. අල ගබඩාවක වැඩි වශයෙන් මෙම පුද්ගලයින් දක්නට ලැබෙන අතර දේශන වලින් අනතුරුව ඔවුන් සොයාගැනීම කළුනික සෙවීමටත් වඩා අසීරු වෙයි.
ඇත්තටම අලයො විතරද අල වෙන්නෙ.. අලයො වීම සහ අලයො 'කරවීම' දෙකක් සමහරු ඊරිෂ්යාවට තවත් පිරිසක් අලයො කරන්න උත්සහ කරනව. ඒත් ඇත්තටම ඒ දෙය එහෙම වෙනවද කියන්න අමාරුයි කොහොම උනත් අවසානෙදි අලයො වෙන්නෙ කවුද කියල ඕන පොඩි එකෙකුට තේරෙනව.අරූ මෙහෙමයි මූ මෙහෙමයි කිය කිය නොතේරෙන කිරිසප්පයන්ගෙ මොළවලට විශබීජ දාල උන්වත් අල කරන්න සමහරු දඟලන දැඟලිල්ල දැක්කම ඇත්තටම වෙලාවකට දුකයි.
ඒත් ඔය දුකයි අනුකම්පාවයි ඕනවට වැඩි උනාමත් කරදරේ තමන්ටමයි. නයෙක් උනත් තමන්ගෙ පෙනය පුප්පල හරි මිනිස්සු බය නොකළොත් උන් ඇවිත් දර මිටිය බදින්නෙත් අර නයාගෙන්ම තමයි. ඒ නිසා තමනුත් තත්වෙ තියාගෙන ඉන්න නොබැලුවොත් එක එකා උසිගන්වන හය හතර නොතේරෙන පොඩි උනුත් එන්නෙ ඔළුවට අතහෝදන්න මයි. ඒත් සමහරු නොදන්න කාරණයක් තියෙනව ඔය බූරුවො එක්ක ළඟින බූරු පැටවුන්ට නොතේරුණාට ඇත්ත මොකක්ද කියන එක එක වසරෙ පොඩි උන් උනත් දන්නව කියන එක. මොනව උනත් මොන ගොං කං, බූරු කං කරත් උන්ට මනුස්ස කං ඉදිරියෙ ඔය හිතන විදියෙ හපං කං කරන්න බෑ.
Subscribe to:
Post Comments (Atom)
3 අදහස්:
"මොවුන් බොහෝවිට කිසිදු ආකාරයකට බාහිර වැඩකට සම්බන්ධ නොවන අතර වෙනමම තවත් "අලයින්" සමඟ පමණක් එක්ව සිටින අතර පොත පත පමණක් ඔවුන්ගේ මිතුරන් වේ"
මේකට නම් මට එකඟවෙන්න අමාරුයි. මම දැකල ඉන්නව අලයොත් කණ්ඩායමක් වශයෙන් වැඩක් කරන ඒවා. ඒවා අලයන්ගෙ මවාපෑම්ද?
මොකද බන් මේ....මොනවා වුනත් කතාව ඇත්ත මොකද.....මේ ලගදි අපිත් අලයො කව්දකියලා අදුර ගත්තා....හෙට අනිද්දට තවත් හොදට අදුරගන්න පුලුවන් වෙයි..,. මොන තාලෙ අලයො හිටියත් අපි අපේ වැඩෙ හොදට කලානෙ...(සාධාරණ හේතු ඇති අයත් ඇති.)
අලයන් නොවු මගේ සහොදරයන්ට මගේ ප්‍රණාමය!!!!!
වැඩේ කියන්නෙ අලයෝ බෝවෙන එකනෙ.ඒ කියන්නෙ මුලින් හොඳට හිටපු එවුන් කාලෙකදි ටික ටික අල වෙනව. පස්සෙ හොඳ අර්තාපලයක්ම වෙලා ගන්නම දෙයක් නැතුව යනවා. :D
Post a Comment