මෙම කථා වස්තුවෙහි සම්පූර්ණ අයිතිය එය රචනා කරන ලද කලන සුපුන් විජේතුංගයන්ට හිමිවන අතර මෙය මා බ්ලොගයෙහි පලකිරීම සම්බන්ධව ඔහු හෝ මෙම කතා වස්තුවට අදාළ කිසිවකු මා හා උරණ නොවනු ඇතැයි විස්වාස කරමි.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කර වසර දහස් ගනනකට ඉක්බිති ලඞකාද්වීපයේ දිඹුල්පීඨය (වර්තමාන ව්‍යවහාරයෙන් දිවුලපිටිය.) නැමති පසල් දනව්වෙක සිවල්පෝතක (වර්තමාන ව්‍යවහාරයෙන් නරියා ) නැමති මානවකයෙක් වාසය කරන්නේය. මේ මානවකයා සිල්ප ශාස්ත්‍ර හදාරන්නේ, දිනපතාම ධූමරථයෙන් කොලොම් තොටට ගමන් ගන්නේය.
එතෙකුදු, උහු සිටිනා ග්‍රාමය කොලොම් තොටට ඉතා ඈතින් පිහිටියේ වන. ඒ කෙසේද කියතහොත් කලකට පෙර ඇල්පා සෙන්චූරි තාරකාවටද එපිටින් දිඹුල්පීඨය පිහිටියේ වන. එබන්දක් දැක ශක්‍ර දේවේන්ද්‍රයෝ මෙසේ කල්පනා කරන්නාහුය. "මේ මානවකයා කරන කාරියෙන් නම් මට කම් නැත. එහෙත් මූ හැමදාමත් මෙතරම් දුර ගෙවා යනතෙක් බලා සිටිනා මුගේ අසරණ දෙමපියන්ටද හරිහැටි නින්දක් නැතයි" සිතා මෙයට කිසියම් පිලියමක් කරමියි කියා එක් රාත්‍රී ජාමයෙක මනුලොව පහලව දිඹුලපීඨය උදුරා ගෙනගොස් ඇල්පා සෙන්චූරි තාරකාවට මෙපිටින් පිහිටවූයේය. ඉදින් අපගේ සිවල් මානවකයාට ගමන් කිරීමට ඇති දුර මඳකින් අඩු වූයේය. එතෙකුදු මූට කොලොම්තොටට පැමිනීමට හෝරා ගනනක්ම ගතවෙන්නේය.
එතෙකුදු මේ ගමන අතිශය භයංකර වන්නේය. මන්දයත් පලමුව වන සතුන් පිරි හිමාල වනය බඳු වනයය, ඉනික්බිති ජල දුර්ග සහ ගිරි දුර්ගය. අවසන ධූමරථයේ ගමනය. කිසියම් මනුෂ්‍ය ප්‍රානියෙකු මෙබන්දක් කරන්නේ නම් උහූ තම ජීවිතාසාව පවා අත්හැර ගත යුතු වන්නේය. එතරම් භයංකර වන්නේය. එසේහෙයින් අප කතානායක සිවල් මානවකයාද තමා සතු සියලු වැදගත් ද්‍රව්‍ය ඡායා පිටපත් කොට සංරක්ෂනය කර තබා ගන්නාහුය.
අප මානවකයා ධූමරථයෙන් ගමන් යන්නාහු, කිසිදින රථය තුල නොනිදන්නාහුය. උහූ වැදගත්දේම කල්පනා කරන්නහුය. වරෙක මොහු ගමන අතර වාරයේ 'මෙව්වා' එකක් කල්පනා කරන්නට වන, අවසානයේ පීඑච්පී එන්ජිමක්ම සැලසුම් කලාහුය.
දිනක් අප මානවකයා ධූමරථයේ ගමන් කරන්නාහු, 'මෙව්වා' එකක් දුටුවේය. එය දැක කල්පනා කරන්නට වන්නාහු කිසිවක් මතකයට නොනැගෙන්නේය. තව තවත් ආයාස දරන්නට වන එහෙත් කිසිදු තොරතුරක් මතකයටනම් නොනැගෙන්නේමය. මහ පොලොවේ සූකෙලක් වැලි කැට ප්‍රමාණය පවා ඉක්ම යනතෙක් නැවත නැවතත් සිහියට නංවන්නාහු 'මෙව්වා' එක පිලිබඳ කිසිවක් සිහි නොවන්නේය, තේරුම් නොයන්නේය. මහත් සේ දුකට පත් මානවක තෙමේ, "අහෝ, මෙය තේරුම් කර දීමට කණිෂ්ඨ මානවකයෙකුද නොවූයේ, වෙනෙකක් නොව මාගේ අවාසනාව" යැයි කියාපශ්චාත්තාප වන්නේය.
මේ මහත්වූ වේදනාව දැක මහපොලොව අකම්පිතව ගියේය. මානවක තෙමේ නැවතත් කල්පනාකරන්නාහු මෙසේද සිතන්නට වන, "මා කිසිදු ප්රාණියෙකුට දැනුවත්ව නම් කිසිදු හානියක් කර නැත, සිත රිදවා නැත. කර ඇත්තේ මාගේ සහෝදර මානව්කයින්ට විනෝදාස්වාදය සැපයීම පමණෙකි. කෙසේ හෙයින් මෙසේ මටම දුක් පැමිනෙම්දැයි" මහත්වූ කන්ස්සල්ලට පත්විය.
එකෙනෙහිම මූට මේ දුක අවම කරගැනිමේ අපූරු උපායයක් කල්පනා වී තම සිතුවිල්ල 'ගූගල් බස්' කලාහුය. තවද 'වතපුස්තකය' හිද සටහන් කලාහුය. එය දුටු කෙනෙහිම අප මානවකයාගේ සහෘද මානවකයෝද, අතිජාත කණිෂ්ඨ මානවකයාද සතරපයින්ම එය 'ලයික්' කලාහුය, පරිකථා (නොහොත් වර්තමාන ව්‍යවහාරයෙන් කමෙන්ට්ස් ) කලාහුය.
මේ මහත්වූ කෝලහලය සදෙව් ලොව දක්වාද පැතිර ගියේය. ඒ කෙසේද යත්, ශක්‍ර දේවේන්ද්රයගේ 'ගූගල් බස්' තිරය පරිකථා වලින්ම වැසී ගියේය. එය දැක ශක්‍ර දේවේන්ද්‍රයෝ, මේ කිනම් කෝලාහලයක් දැයි බලන්නේ, මනුශ්‍ය වේශයක් ගෙන අප මානවකයා වෙත එලඹ පුවත් විචාරන්නට විය. එසේ හෙයින් අවසානයේදී දුකට හේතුව දැන ගත්තාහුය.
එකෙනෙහිම ශක්‍ර දෙවියෝ තම නියම ස්වරූප දක්වමින් පෙනිසිට, දිව්‍ය රශ්මි විහිදමින් මානවකයාට මෙසේ කියන්නට වන, "එම්බා මානවකය, තෝ මෙලෙසෙ දුකට පත්වූයේ තොරතුරු දැන කියා ගැනීමට මගක් නොමැතිවය. තවදුරටත් මනුශ්‍යයා එසේ පෙලුන හොත් මාගේ දිව්‍ය සම්පත්තියෙන්ද පල නැතැ" යි කියා මෙයට විසඳුමක් කල්පනා කරන්නාහු, මානවකයා තම දුක කීමට පාණ්ඩුකම්බල ශෛලාසනය නොව 'ගූගල් බසය' පාවිච්චියට ගත්තාක් මෙන් මාද මෙයට අයි.ටී විසඳුමක් ම දෙමියි කියා අහසට පැන නැග, සතර රියන් වන වෙබ්සර්වරයක් මවා එහි සියලු මිනිස් ඥානය තැන්පත් කර එය "විකිපීඩියා" ලෙස නම් කලාහුය.
එය බලාසිටි දෙවියෝද මනුෂ්‍යයෝද මහත් ප්‍රීතියට පත්ව ප්‍රීති ඝෝෂා කරන්නට විය.
මෙලෙසින් හුදෙක් ජන පහන් සන්වේගය සඳහා ලියූ, විකිපීඩියා කතා වස්තුව නිමාවට පත්වන්නේය.
21 අදහස්:
ado patta.marai ban ..mata matak una Muthu***ran katha wasthuwath....eka mama ubata passe kiyannamko:::
නියමයි ආ....විකිපීඩියා කතාවස්කතුව මතු පරම්පරාවේ ද දැන ගැනීම පිනිස මාද මෙතනදීම බෙදා හල හොත්තාය
ඕං.... ඩී
කෝ බං පූර්වාපර සන්ධි ගැලපීම
හික්ස්
කෝම උනත් පට්ට ඈ මූ මේක සතියක් විතර ලියලද කොහෙද
අපේ මහාචාර්ය මුතූ
පිස්සුම තමයි මල්ලී ආයේ කියලාම වැඩක් නෑ... මැක්සා එකේ හොඳ එක... මගේ සයිට් එකෙත් අලවනවා මේ සයිට් එක..වැප් මල්ලියාගේ "ගූගල් බස්" රථයෙන් මෙහි පැමිණීමට මග සොයාගත්තේල...! ජය වේවා...!
හැබෑටම මේ සුපුන් විජේතුංගට බ්ලොග් එකක් නැද්ද...?
හැබෑටම මේ සුපුන් විජේතුංගට බ්ලොග් එකක් නැද්ද...?
හුදී ජන පහන් සංවේගය උදෙසා නරියාගේ දුහුල් සළු අණුක්රමයෙන් උනා දමා සීතාම්බර සළුව ඇන්ඳවූ විකිපීඩියා කථා වස්තුව නිමාවූ වගයි.. අප්පේ නරියව නැතිකරලා වගේ..
පව් වැඩේ ඉතින් නරියා හිත හොඳ එකා නොවැ..
කවුද මෙ මම නොදන්න දිවුලපිටියෙ එකා........?
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ...හරුප නැතුව ආතල් ලිපියක් ගොඩක් කාලෙකින් කියෙව්වේ....
අහෝ ඛේදයකි. අප මානවකයාගේ තෙද බල කීර්තිය ලුහුඬුව ගිය සෙයකැ. මක්නිසාද යත් අප මානවකයා එසේ මෙසේ කෙනෙකු නොවන්නේයැ.
ප්රාතිහාර්යය පෑමේද සමත්ය. ඒ වගත් කියනාකල, වරක් අපේ කතා වස්තූ වු මානවක තෙමේ මහ සෙනග බලා හිදියදීම, තම කමිසයෙන් හැඳුනුම්පතක් මවා පෙන්වූයේය.
'මෙව්වා' එකක් යනුවෙන් ඔබ අදහස් කරනදේ මට නෙතේරේ...
'මෙව්වා' එක ගැන වද නොවනු මැනවි, අප මානවකයා එය සර්ව නාම පදයක් ලෙස භාවිතා කරන්නෙහිය, එ කෙසේද යත් පුස්තකයක්, ධූමරථයක්, ජංගම බණුවක් (mobile phone) මතුනොව, ආහාර වලඳන තැටියක් වුවද ඔහුට 'මෙව්වා' එකක්ම වන්නේය.
මේක නං පට්ට. එලම කිරි.
මාර නිර්මාණශීලී පොරක් නේ මේක ලියපු එකා,එළ එළ
බුහා හා හා හාහ් හ්හා හ්හ්බුහ් කෑව් කැහ් කැහ්... ක්රාස් .. තුඃ...!!! ඒ මට මේක තාම තේරුනේ නෑනෙව.... ටොඉං..!!
@කුකී: මචන් උඹට ඕක තේරුම් ගන්නනම් සැහෙන කලක් යයි. එය මන්දයත් මහාචාර්ය මුතූ එසේ මෙසේ පුතයෙක් නොවෙන්නහු නිසා වෙන්මය.
අවසානයි ඉතින්....සුපිරි විදියටම ලියල තියෙනව.....
හිකිස්..... අදනේ මේකේ "අතිජාත කණිෂ්ඨ මානවකයාද සතරපයින්ම එය 'ලයික්' කලාහුය" කියන එක දැක්කේ..... :P :P
පට්ටයි ආ.... කලණ අයියේ ආයෙ ලිව්වේ නැද්ද මේ වගේ එකක්
:P :P
හී හී... ආයෙ නම් ලිවුවෙ නෑ...
Ne thawa akak thiyanawane ban. phpSmartLogin.php
නෑ මචං, මම කිව්වේ මේ විදියෙ ඒවා (ජාතක කතා style එක)ආයි ලියන්නේ නෑ. එක විදියෙන් එකයි ලියන්නේ :P :P
Post a Comment