Monday, April 6, 2009

Dialog sucks!!

අද හවස මම වෙනද වගේ මගේ කොම්පියුටරේ ළඟ වාඩි වුණේ අන්තර්ජාලෙ රස්තියාදුගහන්න.ඔන්න ඉතිං එතකොටම වහින්න පටන්ගත්ත ඉතිං මම වැඩේ අතෑරල දාල වැස්ස නැවතුනාට පස්සෙ ගිහින් වැඩ පටන් ගත්ත.මාර වැඩේ...blogspot එකේ මගේ බ්ලොග් එකට එන්න බෑ.මම උඩ ගියා.ඇයි දෙයියනේ උදේ ලස්සනට වැඩ කරපු url එක හවස වැඩ නෑ.ඊට පස්සෙ මම බැලුව මගේ පෞද්ගලික වෙබ් අඩවියට යන්න පුළුවන්ද කියල (ඒක තාම under construction) මෙන්න බොලේ ඒකටත් යන්න බෑ.මට තරු පිට උනා.මොකද gmail,facebook වගේ ඒවට යන්න පුළුවන් පස්සෙ මම වෙනත් proxy පාවිච්චි කරල බැලුවම වැඩේ හරි ඒ කියන්නෙ වෙනත් proxy යක් හරහා මගේ blog එක බලන්න පුළුවන් උනා.ඉතිං මට හිතුන dialog ලගෙ proxy එකේ හරි DNS configuration වල හරි වැරැද්දක් කියල ඒත් ඉතිං විසදුමක් දන්නෙ නෑ නෙ.කොයිකටත් කියල මම ශාකුන්තල අයියටත් කියල බැලුව බලනකොට එයාටත් මට වෙච්ච දේම වෙලා.කොහොමහරි රෑ වෙද්දි මට විසදුම ලැබුන.

මෙන්න ක්‍රමය:



හැබැයි ඔය ක්‍රමේ මට වැඩ කළේ නෑ ඉතිං මම Mobile Partner එකේ පොඩි සෙල්ලමක් දාල වැඩේ ගොඩ දාගත්ත(හොද වෙලාවට මම windows වල හිටියෙ)
ඉට පස්සෙ Ubuntu වලටත් ඒ බෙහෙතම දුන්න දැන් ඔක්කොම හරි.

Ubuntu වලදි නම්:
System --> Administration --> Network
ඉට පස්සෙ ලැබෙන dialog box එකේ DNS කියන tab එකට ගිහින් ඔබේ මුරපදය පාවිච්චි කරල unlock කරගෙන DNS servers වලට
208.67.222.220
208.67.220.222
දෙන්න.

දැන් හරි....
එහෙනං දැන් මම යන්න ඕන මොකද අද දවසට මුකුත්ම කළේ නෑ.මම කිව්ව් මේ සයිබර් අවකාශෙ කිසිම ඕපදූපයක් හොයන්න බැරි උනා.එහෙනං ගිහින් එන්නං...

5 අදහස්:

GNS said...

අපි නම් Mobile Partner/Connect වලට සමුදීලා තියෙන්නෙ.. ;)

මටත් ඔය කේස් එක ඔහොම්ම ආවා. පහන් අයියාට කිවුවහම, OpenDNS පාවිච්චි කරල බලන්න කිවුවා. ඒත් ඒ site එකවත් ලෝඩ් උනේ නෑ.
අන්තිමට පහන් අයියා ම setting ටික ඔක්කොම කිවුවා... හිහි..

දැන් නම් වැඩේ ගොඩ.. :o)

Unknown said...

Mobitel Rox

ශාකුන්තල | Shaakunthala said...
This comment has been removed by the author.
ශාකුන්තල | Shaakunthala said...

OpenDNS ගැන මුලින්ම දැනගත්තෙ කාලිංගගෙ බ්ලොග් එකෙන්. ඕක ලිනක්ස් වල කරන්න GUI අල්ලගෙන නහින්න ඕන නැහැ.

/etc/resolv.conf ෆයිල් එකේ අගට මේ පේළි දෙක එකතු කරල save කරන්න. On the fly වැඩ ;)

nameserver 208.67.222.220
nameserver 208.67.220.222

(I deleted the earlier comment because there was a critical mistake :D )

rane said...

AIRTEL වලට විසදුමක් නැද්ද?

Post a Comment