Sunday, September 6, 2009

ලිනක්ස් වල root පාස්වර්ඩ් එක recover කරගමු.

කාලෙකට පස්සෙ ආයෙත් :) කොහොමද කස්ටියම හොඳින් නේද? පහුගිය දවස්වල කැම්පස් එකේ වැඩ වගයක් තිබ්බ (දන්නෝ දනිති ඒ මොනාද කියල) ඒනිසා බ්ලොග් ලියන්න තියා ගෙදර ඉන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ.කොහොමහරි දැන් මම දෙක වසරෙ අළුත් සමාසිකයත් පටන්ගත්ත.

ආ ඒකනෙමෙයි මගෙන් පහුගිය දවසක යාළුවෙක් ඇහුව "මචං su ගහල password එක ගැහුවට හරියන්නෙ නෑ නෙ" කියල. ඉතිං මම හොයල බැලුව ලිනක්ස් වල root password එක hack කරන ක්‍රමයක් hack කිව්වට බය වෙන්න එපා මේක එහෙම නරක වැඩකෙ නෙමෙයි. හා හොඳයි hack නෙමෙයි අපි කියමු root password එක recover කරන විදියක් කියල.

කවුරුත් දන්නවනෙ ඉතිං ලිනක්ස් වලදි root කියන්නෙ හරියට සර්වබලධාරී දෙවිකෙනෙක් වගේ කියල. ඉතිං ඒනිසා හැමෝම කැමති ඇතිනෙ root වෙන්න ඔන්න මම කියන්නං ක්‍රමයක් මේකෙන් පුළුවන් password එක reset කරගන්න.

මුලින්ම පරිගනකය restart කරන්න ඊළඟට GRUB එකට ආවම "e" කියන යතුර ඔබන්න. ඊළඟට ලැබෙන මෙනූ එකෙන් දෙවැනි වරණය එනම් kernel කියා තිබෙන වරණය තෝරා "b" යතුර ඔබන්න.
බයවෙන්න එපා විවිධාකාරයේ commands තිරය මත දිස් වේවි. අවසානයට bash shell එකක් ලැබෙයි එහි

cd /etc

ලබාදී ඉන් පසු

nano passwd

මෙය passwd මිස password නොවේ. එනම් මෙමගින් /etc වල තියෙන passwd කියන file එක පෙන්නුම් කරයි.

එහි root:x:0:0:root:/root:/bin/bash
ලෙස ඇති පේළියේ x යන්න ඉවත් කරන්න දැන්

root::0:0:root:/root:/bin/bash

ලෙස ලැබේ ඉන්පසු එය save කරන්න. (මේ සඳහා Esc සමඟ O ඔබන්න ) ඉන්පසු enter කර Esc සහ x ඔබා ඉවත් වන්න.

ඉන්පසු යලිත් වරක්,

nano shadow

ලෙස විධානය ලබා දෙන්න (එමඟින් shadow file එක edit කරගත හැක)

එහිද root යන්නෙන් ආරම්භ වන පේළියෙහි ඇති සියළු දෑ ඉවත් කරන්න එය පහතාකාරයට දිස්වේ.

root::::

දැන් එයද පෙරකී ආකාරයටම save කර ඉවත්වන්න ඉන්පසු පරිගනකය restart කරන්න මේ සඳහා console එකෙහි reboot යන්න ලබාදීම ප්‍රමාණවත් වේ.

දැන් පුරුදු පරිදි ලිනක්ස් වලට ඇතුළුවී terminal එක ගෙන

sudo su

ලබාදී ඔබේ password එක දෙන්න. ඔබට දැන් root ලෙස ලිනක්ස් භාවිතා කළ හැක.

සැ.යු : මෙම ක්‍රමය 100% සාර්ථකව අත්හදා බලා ඇති අතර ඔබ විසින් අත්හදා බැලීමේදී ඇතිවන්නාවූ දෝශ සම්බන්දයෙන් මා වග කියනු නොලැබේ.

6 අදහස්:

Unknown said...

එළ එළ මේක lab එකේ අත්හදා බැලුවෙ නැද්ද?

ශාකුන්තල | Shaakunthala said...

excellent post!

@සුසිත,
මේක ලැබ් එකේ කරන්න බැරි වෙයි. මොකද අපේ ලැබ් වල GRUB එකට encrypted password එකක් දාලයි තියෙන්නෙ. කරුමේ කියන්නේ ඒක valid md5 hash එකකුත් නෙමෙයි. :(

Akhila said...

එළ එළ,ඇයි sudo passwd root කියලා ගහලා password එක හදලා su වෙන්න බැරි ද?

Unknown said...

ඉතා හොඳයි. හැබැයි මේක ටිකක් දීර්ඝ ක්‍රමයක්. මිට වැඩිය ලේසි සහ ඉක්මනින් කරන්න පුළුවන් ක්‍රමයක් මම කලින් මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා.

මෙතනින් බලන්න: http://tharaka-lankanet.blogspot.com/2009/03/root-password.html

@අඛිල

ඔයා හිතපු විධිය මම සඳහන් කර ඇති ක්‍රමයට ඉතා ආසන්නයි!

CharithD said...

නියමයි..XP වලටනම් ගොඩක් ලේසියෙන් කරන්න පුලුවන් නේද?....

Kasun (කසුන්) said...

GRUB එකට මුරපදයක් දාලා නැත්තම් සහ එය මතකනම් මේක තමයි ලේසිම ක්‍රමය කියලයි මට හිතෙන්නේ. නිතර ලිනක්ස් වැඩ කරන කෙනෙකුට නම් මේකට විනාඩි 5ක් යන්නේ නෑ. එල ලිපිය කේෂාන්.

හැබැයි මේක කරන්න පුළුවන් GRUB එකට මුරපදයක් දාලා නොතිබුනොත්නේ කිව්වානේ. බැරි වෙලාවත් ඒකට දාපු මුර පදයත් root එකට දාපු එකම නම්. ඒ වෙලාවට නම් ඉතිං live CD එකක පිහිට ගන්න වෙනවා. හැබැයි අනෙක් දේ තමයි එහෙම කරන්න අපිට BIOS වලට යාමට හැකියාව තියෙන්න ඕනේ.
ඒ ගැන වැඩි විස්තර මෙතන.

http://dawasehariya.blogspot.com/2009/09/root.html

Post a Comment