Saturday, October 24, 2009

පරවියා හැක් කරමු...

ඊයෙ මම ලියපු එක කියෙව්වද ? හික්.. හරි.. අද මම ලියන්න යන්නෙ අපි කවුරුත් දන්න pidgin වල පොඩි ජිල්මාට් එකක් ගැන. pidgin ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. අපි pidgin වලදි අපේ password වගේ ඒවා save වෙන්න දුන්නොත් මළකෙළියක් වෙන්නෙ. දන්නවද pidgin වල save වෙන password තියෙන්නෙ plain text විදියට ඕන එකෙක්ට කියවන්න පුළුවන්. බොරු නං මෙන්න මෙහෙම කරල බලන්න.

terminal එක අරගෙන :

cd .purple/

ගහල ඒ folder එකට ඇතුළුවෙන්න ඉන්පසු ඒකෙ තියෙන accounts.xml කියන file එක ඇරල බලන්නකෝ.. :O හික්...

gedit accounts.xml


(මේ මගේ ඇත්ත password එක නෙමෙයි..)

දැං ඉතිං මේකට මොකද කොරන්නෙ..????

මේකට පොඩි patch එකක් තියෙනව.. මේ patch එකනං මම හොයාගත්තෙ forum එකකින්...ඒ නිසා මම ඒකෙ link එක දෙන්නං එහෙම හොදයි නේ..


ඕං එහෙනං මං ගියා පරවිය එක්ක සෙල්ලං පරිස්සමෙන් password එක වෙන එකෙක් උස්සන්න පුළුවන්. මොකද මට නං දැං මේ සමාජෙ ඉන්න උන් විස්වාස නෑ ඒ නිසා අපි ආරක්ෂාවෙන එක හොඳයි.. හ්ම්....
 

8 අදහස්:

GNS said...

හපෝයි... ගම කතවා...

දැංනෙ දන්නෙ.. o_O

Unknown said...

කාටවත් ලොග් වෙන්න බැරි විදිහට grub එකට password එකක් එහෙම දාලනම් අවුලක් නෑනෙ.

මට pidgin වල තියන ලොකුම අවුල සමහර contacts group වලට එකතු කරත් තියෙන්නෙ නැති එක. ඊළඟ පාර ලොග් වෙනකොට පරණ තැනමයි.

Anonymous said...

මල කෙළියයි. දැන්නෙ දන්නෙ. බොහොම ස්තුතියි

ශාකුන්තල | Shaakunthala said...

I don't use Pidgin since it doesn't support video chat.

By the way, thanks for the tip.

budhajeewa said...

දැං Ubuntu වලත් පෙරනිමි IM එක Pidgin නෙවෙයි, Empathy. Pidgin වලට දැං යන්න කාලෙ හරි!

kesh said...

@ සුපුන් මං දන්න විදියට empathy වල video chatting නුත් තියෙනව නේද? එහෙමනං මම හිතන්නෙ ඒක හොද විකල්පයක් :)

තෑන්ක් කරපු අයට කියන්න තියෙන්නෙ වෙල්කං කියල තමයි... :)

Gayan Tharaka said...

ෆයිල් සිල්වගේත් ඔය වැඩේමයි.
sitemanager.xml, recentservers.xml ගොනු විවෘත කරල බැලුවනම් පෙනෙයි.

Gayan Tharaka said...

‍ෆයිල් සිල්වා කිව්වේ FileZilla ට

Post a Comment