හඳ පායපු හැන්දෑවක,
මට මතකයි මම බලා උන්න,
තරු පිරිච්ච ආකාසෙ දිහා....
හඳ එළියෙන් දිලිසෙන මූද දිහා....
ඒත්......
ඒ හඳ අර මූදෙම ගිලිල,
අද ආකාසෙ තියෙන්නෙ මහ මූසල බවක්,
මහ පාළුවක්...
මහා තනිකමක්...
මට තාම මතකයි,
එදා මම හිතාගෙන උන්නෙ,
ආකාසෙ ලස්සන පාටින්
උඹේ ඔය ලස්සන මූන පොඩිත්ත සිතුවම් කරන්න,
ඒත්.....
ඒ සිතුවමට මූදෙ හුළඟ වැදිලද කොහෙද,
බොඳ වෙලා ගිහින්,
උඹේ ඒ ලස්සන හිනාව,
කතාකරන ඇස් දෙක බොඳ වෙලා ගිහින්,
එදා මම හිතාගෙන උන්නෙ,
ආකාසෙ පුරා ඉඟිලෙන සියොතුන්ට,
කෑගහල කියන්න...
මගේ චිත්‍රෙ ලස්සනද බලාපල්ල කියල,
ඒත්...
දැං මම ඒ සියොතුන්ට කුමක් කියම්ද?
බොඳ වෙච්ච සිතුවම කෙසේ පෙන්නම්ද?
8 අදහස්:
ඇයි මොකො වුණේ? Pending කාලෙට ටිකක් ඔහොම තමයි... ගණන් ගන්න එපා... :)
ඔය දේවල් තාවකාලිකයි. බය වෙන්න එපා.
මචං ජීවිතේ අපි හැමෝම ආසයි අපි ආදරේ කරන අය ලඟින්ම ඉන්නවනම්. ඒත් ලොකෙ ස්භාවය තමයි හැම වෙලාවෙ එහෙම අපි කැමති දේ වෙන්නෙ නෑ. අපි ඒ දේ තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන.
බොඳ වුනාට අහසේ ඇඳි සිතුවම
පිවිතුරුයිනෙ නුඹෙ හදේ ඇදි රුව
රැක ගනින් එය හැමදාම
එයයි සැබෑ ආදරය
හඳ පායපු නැති රෑ කළුවර අහසට
මට මතකයි මම
පුංචි තරුවක් වෙලා
එළියක් වෙන්න හැදුව
අඳුරු අහසට පුංචි තරුව පුර හඳක් වගේ
අඳුරු අහසට පුංචි තරුව
නැතුවම බැරි කාලෙකුත් තිබුනා
තරුව හිනා උනා....
මුළු ලෝකෙටම පේන්න අහස මැදට එද්දි
අහස වළාකුළු අතුරල
පුංචි තරුව හංගගත්ත
කාටවත්ම නොපෙනෙන්න...
ඒත් නොහිතපු වෙලාවක
පුරහඳ පායද්දි
පුංචි තරුවෙ එළිය අහසට අමතක උනා
හඳේ එළිය අහසට නොපෙනී ගියා
වළාකුළු තරව වහගෙන
හඳට පායන්න ඉඩ දුන්න
අහස තරුව ගලවල විසිකළා
ඈත පේන මහ මුහුදට
තරුව තාම අහස දිහා බලා ගෙනමයි...
පුංචි තරුව දන්නව
ඒ අඳුරු අහසට පුර හඳ පෑයූවත්
පුංචි තරුව නැති ආකාසෙ
අන්ධකාරෙන් වැහිල කියල....
@ ශාකුන්තල අනේ මංද අය්යේ..
@ මදුරංග හ්ම්.....
@ සුසිත
හ්ම්..... ඒ රුව මසිතින් සදා නොමැකේ...ස්තූතියි කමෙන්ට් එකට.. උඹල කරපු උදව් අමතක කරන්නෙ නෑ මචෝ ඒවටත් ස්තූතියි..
@ දිනූෂි ඒ පුංචි තරුවම වෙනත් මන්දාකිණියක සූර්යයෙක් වෙන්න ඇති.... අනෙක හඳ කියන්නෙ ඉර එළියෙන් බැබලෙන දෙයක් මිසක් තමන්ගෙ එළියක් තියෙන කෙනෙක් නෙමෙයි නෙ. ඒත් තරුව අපිට පුංචියට පෙනුනට එයාට තමන්ගෙ කියල එළියක් තියෙනව...
uba boot ekakwat kawada?????
@ විදත් ඇයි මචං කවියක් ලියන්න බූට් එකක් කන්නම ඕනද?
Post a Comment