හ්ම්.... ඊයෙ ස්ටැට් නම් ඉවර උනා හැබැයි මට නම් අවුල් මොනව කරන්නද ඉතින්. කමක් නෑ දැන් මම නිදහස් නෙ ඒක නිසා බ්ලොග්ස්පොට් පැත්තෙ ආව හිතේ තියෙන පිස්සු විකාර ටිකක් ලියල යන්න.
ජීවිතය කියන්නෙ මහා පුදුමාකාර දෙයක් වෙලාවකට ඒක ආතල් සාගරයක් තවත් වෙලාවකට කදුලු ගඟක් මේක තමයි මට දැනෙන සරලම විදිය. ඉතින් මමත් ඔය ජීවිතය කියන මිරිඟුව පස්සෙ දුවල හති වැටුණම, යන්තම් හුස්මක් කටක් ගන්න තමයි බ්ලොග්ස්පොට් පැත්තෙ එන්නෙ මොකද මගේ හිතට නිදහසක් දැනෙන්නෙ හිතේ තියෙන දේවල් කොහෙහරි ලියුවම. වෙලවකට මට මේ ජීවිතෙ ගැන මහා විකාර දේවල් තමයි හිතෙන්නෙ එව්ව කිවුවොත් මට පිස්සු කියල හිතෙයි. කොහොමහරි ජීවිතෙ කියන්නෙ රෝස මල් යහනක් නෙමෙයි කියල මම පොඩි කාලෙ අහල තිබ්බට එක මොකද්ද කියන එක හරියට තේරෙන්නෙ දැන් තමයි. දුක, සතුට, නින්දා, ප්‍රසන්සා, යස, අයස, ලාභ, අලාභ මේ විදියට හැමදේම අපිට මදි නොකියන්නම හම්බ වෙනව ඒකනෙ බුදු හාමුදුරුවොත් මීට අව්රුදු 2550 කට කලින් කියුවෙ.
ජීවිතය කියන්නෙ ගන්ඟාවක් වගෙයි කියල සමහරු කියනව මට ඇහිල තියෙනව ඒත් ඉතින් ගන්ඟාව නම් මුහුදට ගිහින් නතර වෙනව ඒත් අපේ ජීවිතය?????? මිනිස් භාවයක් ලබනව කියන්නෙත් ලේසි දෙයක් නෙමෙයි නෙ ඉතින් කට්ට් කගෙන හරි මේ ජීවිතය කියන දේ විදවන්නෙ නැතුව විදිනවනම් ඒක කොච්චර දෙයක්ද?
තෙරුවන් සරණයි !!!!
Friday, February 20, 2009
Subscribe to:
Post Comments (Atom)
4 අදහස්:
හත් දෙයියනේ මේ අපේ පලා නේ. සාදරයෙන් පිළිගන්නවා. එළ එළ දිගටම ලියමු අපි අනිවාර්යෙන් කියවනවා.
උඹ සිංහල බ්ලොග් කියවනයට දැම්මේ නැද්ද? මම ඒකෙ දැක්කෙ නෑ. දාල නැත්තම් දාපන්.
RSS හදන්න
http://www.feedburner.com/
ඊළඟට සිංහල බ්ලොග් සංසදයට එකතු වෙන්න
http://blogs.sinhalabloggers.com/add-blog/
තව දෙයක් අමතක වුනා අපේ බොට්ටත් ලියනවනේ. ඒ පැත්තේ ගිහින් අප් එකක් දෙන්න.
http://jdchathuranga.blogspot.com/
එළ.. මචO එළ... අනිවාර්යයෙන්ම මමත් සප් එකක් දෙන්නම්.
~~~~ ස්තූතියි ~~~~
විඳින්න දුන් ජීවිතය අරන් විඳවන්නද මේ භවය පුරා
Post a Comment