Monday, February 16, 2009

Stat බාල්දිය

හා හා පුරා කියල ඔන්න ඉතින් මමත් මගේ තියෙන පැහිච්චකමට සිoහලෙන් බ්ලොග් එකක් ලියන්න ගත්ත। අද ඉදන් මගේ විකාර අදහස් මෙතනදි කියවන්න පුලුවන්.
අපිට් බ්‍රහස්පතිදට ස්ටැට් නෙ ඉතින් මටත් හිතුන කුප්පියක් දාගන්න මොකද මට ස්ටැට් එච්චර දිරවන්නැති නිසා මෙලෝහසරක් තේරෙන්නෑ।ඉතින් මම අද උදේ හයට නැගිටල 138 බස් එකක නැගල දෙයියනේ කියල කැම්පස් එකට ගියා කුප්පියක් දාගන්න. කොහොමහරි කුප්පි දාන කට්ටිය ටිකක් ප්‍රමාද වෙලා හරි (වෙලාවට) ආව.ඔන්න කොහොමහරි කුප්පිය කරගෙන ගියා කියමු. මොනව කරන්නද මගේ තියෙන ගොන් කමටද මන්ද හරියට තෙරුන්නෑ හැබැයි අපරාදෙ කියන්න බෑ කුප්පිය නම් එළටම කරා.
ඒත් ඉතින් මම වෙනුවෙන් ඒ අය වෙච්ච මහන්සිය දැක්කම මට මම ගැනම ලැජ්ජයි මොකද අරුන් අච්චර මට තෙරුන් කරන්න මහන්සි වෙද්දිත් මට තෙරුන්නෙති නිසා। ඔහොම කුප්පිය කරගෙන යද්දි ඉතින් අපේ ස්‍යිකො ඩයල් වලට (මමත් ඇතුලුව)
නිකන් ඉන්න බෑ නෙ।ඔන්න ඉතින් එකෙක් පිස්සුවක් කෙළින කොට අනිත් උන් ටිකත් ෆෝම් වෙලා එනව। පව් එතන හිටපු අහිOසක කෙල්ලො දෙන්න උන්ට අපි නිසා උන්ගෙ වැඩක් වත් කරගන්න බැරි උනා। කොහොම කොහොම හරි කුප්පියත් ගජරමෙට ගියා එත් ඉතින් මට නම් අවුල්। මොනව කරන්නද "ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" නෙ। එක නිසා මට ස්ටැට් බැරුව ඇති ඒත් ඉතින් රිපිට් වෙන්නත් බැරි නිසා හෙට උදෙ නැගිටල අරුන් කියල දීපු විදියට ස්ටැට් ටික ගොඩදාගන්න ඕන නැත්තO අපරාදෙ උන්ගෙ මහන්සිය.
හ්ම්................ අදට ඇති හෙට ස්ටැට් ගොඩදාල රෑ ට බ්ලොග්ස්පොට් පැත්තෙ එන්නම්।
එහෙනම් හැමොටම

බුදු සරණයි!!!!!

1 අදහස්:

Unknown said...

උඹට විතරක් නෙමෙයි STAT අවුල් මේ මං ඉන්නෙ. එපාම කරපු subject එක මටනං. distribution එහෙම greek වගේ තිබුනෙ. අද දාගත්තා කොයිල්ට කියල කුප්පියක්. තේරුනා තරමක්. හැබැයි පේපරේ නම් අල වෙයි වගේ. ආයෙ නෑනෙ ලොකු හයියක්.

Post a Comment