Saturday, February 21, 2009

"මනෝ පුබ්බඟ්ගමා ධම්මා......."

"මනෝ පුබ්බඟ්ගමා ධම්මා" කිව්වම අපිට එක පාරටම මතක් වෙන්නෙ දහම් පාසලේදි අපි ඉගෙනගත්ත ධම්මපදය.එනම් සෑම දෙයකටම මුල මනස කියන එකනෙ.එත් ඉතින් මනස කියන්නෙ මොකද්ද? මටත් තියෙන්නෙ ඔයවගේ ප්‍රශ්න තමයි. හැබැයි ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙත් මනසින්ම නෙ. මම ඕකට උත්තර හොයද්දි මට එක එක විදියෙ උත්තර ලැබුනා.සමහරු ඇහුව "උඹට පිස්සුද බන්?" කියල.ඉතින් මම එක එක විදියට ඒ ප්‍රශ්නෙ compile කළා.

ප්‍රත්‍යක්ෂයක් තියෙන්නෙ මිනිස්සුන්ට හෝ ප්‍රාණීන්ට. ප්‍රත්‍යක්ෂයේදී වැද්ගත් වන්නේද මනසයි.ලෝකෙ ප්‍රශ්න හදගන්නෙත් විසදගන්නෙත් මනසට සාපෙක්ෂව එකිනෙකගේ පරිකල්පනයට අනුව නෙ.උදාහරණයක් විදියට නිව්ටන්ට පොල්ගෙඩියක් වැටීම ගුරුත්වාකර්ෂණය උනාට අයින්ස්ටයින්ට ඒක අවකාශ-කාල වක්‍රතාවය විදියටයි දැක්කෙ.එනම් බටහිර දාර්ශණිකයන්ට අනුව පොල්ගෙඩිය වැටීම එක්කො ගුරුත්වාකර්ෂණය එහෙමත් නැත්තම් අවකාශ-කාල වක්‍රතාවය එත් ඔවුන් එහිදී මනසෙ බලපැම ගැන නොසිතයි එනම් ඔව්න්ට අනුව පොල් ගෙඩියක් වැටීම මනසින් ස්වායත්ත වෙයි.
බටහිර එක් මතවදින් පිරිසක් එනම් විඥානවාදීන් (මනස ප්‍රධාන වන අතර ද්‍රව්‍ය මනසේ නිර්මන බව විස්වස කරන පිරිස) ට අනුව පවතින්නෙ මනස පමණකි. එය ඔවුන්ගෙ ස0ස්කෘතියට අනුව පරම මනසක් හෙවත් දෙවියන් වහන්සේගේ මනස විය හැක.එනම් මනස හැර අන් සියල්ලම මනසේ නිර්මාණ බව ඔවුහු සිතති.එහෙත් සින්හල බෞද්ධ ස0ස්කෘතියට අනුව අප එසේ නොසිතිය යුතුය.
අපේ පොල් ගෙඩිය බටහිරයන්ට පොල් නොව coconut ය අපේ පුටුව ඔව්න්ට chair ය.එනම් අපගේ පුටුව යන ස0කල්පය අපට අනන්‍යවුලෙස අපෙ ස0ස්කෘතිය තුල අප විසින් නිර්මාණය කෙරී ඇත.පුටුව යනු එහි ගුණ වල එකතුවක් මිස පවතින දෙයක් නොවේ.එනම් පුටුව යනු එහි ඇති ගුණ අනුව මනස විසින් නිර්මාණය කරගන්නා ලද්දකි.
පුටුව, ගස, බල්ලා, පොල් ගෙඩි පමනක් නොව මනසද මනසේම නිර්මාණයකි.එනම් මනස යනුවෙන් යමක් (සමවෙන්න "යමක්" කියුවම ද්‍රව්‍යවදි අදහසක් ඇති වෙ. මට වෙන වචනයක් මතක් වෙන්නෑ.) පවතින්නේද නැත.නමුත් මනස නොමැතිව වෙනත් ධර්ම පවතින්නේද නැත.මනස නිර්මාණය කෙරෙන්නෙ අනෙක් ධර්ම අධාර කරගෙන නොවේ.එනම් මනසද මනස විසින් නිර්මාණය කළ නොපවතින්න්කි.

මේක කියෙව්වාම ගොඩක් ප්‍රශ්න එන බව මම දන්නව මොකද සමහර දේවල් පරස්පර විරෝදී දේවල් වගෙ පේන්නෙ අනේ එහෙම මොනවහරි තියෙනවනම් මට දන්වන්න.

තෙරුවන් සරණයි !!!

6 අදහස්:

පිටස්තරයා said...

හොඳ පෝස්ට් එකක් මල්ලී.
"පුටුව, ගස, බල්ලා, පොල් ගෙඩි පමනක් නොව මනසද මනසේම නිර්මාණයකි.එනම් මනස යනුවෙන් යමක් (සමවෙන්න "යමක්" කියුවම ද්‍රව්‍යවදි අදහසක් ඇති වෙ. මට වෙන වචනයක් මතක් වෙන්නෑ.) පවතින්නේද නැත.නමුත් මනස නොමැතිව වෙනත් ධර්ම පවතින්නේද නැත.මනස නිර්මාණය කෙරෙන්නෙ අනෙක් ධර්ම අධාර කරගෙන නොවේ.එනම් මනසද මනස විසින් නිර්මාණය කළ නොපවතින්න්කි."
මේ ඡේදය ආයේ පැහැදිලි කරනවනම් හොඳයි.

බ්ලොග් එක සින්ඩියේ නෑ නේද?
http://blogs.sinhalabloggers.com/add-blog

දිගටම කරගෙන යන්න.

kesh said...

බොහොම ස්තූතියි අයියේ.

අදාල ඡේදයේදි මම කියන්න උත්සාහ කළේ අනෙකුත් දේවල් වගේම මනසත් මනස විසින්ම නිර්මාණය කරගත්තක් බවයි. එහෙත් මනස යන්න නිර්මාණය කිරීමට මනසට අනෙක් ඒවා මෙන් වෙනත් ඉන්ද්‍රිය ගෝචර ස0කල්පවල අවශ්‍යතාවයක් නෑ කියන එකයි. ඊට අමතරව මනස කියන්නෙ මනස විසින්ම නිර්මාණය කරගත්ත දෙයක් නිසා මනස යන්නත් පුටුවක් ගසක් වගේ ඇත්තටම පවතින(පවතින්නනම් කාල ස0කල්පයක් තියෙන්න ඕන.මම ඒ ගැන ඉස්සරහට ලියන්නම්) දෙයක් නෙමෙයි කියන එක.

Unknown said...

Real time එකේ "ං" ලියන්නෙ "/n" ගහල

kesh said...

ස්තුතියි මචෝ.........

ජීවන්ත said...

ඔයා මහාචාර්ය නලීන් ද සිල්වා මහත්තයාගේ කතා ගොඩක් කියවලා තියෙනවා වගේ!!! මේ කතාව එයත් කියල තියෙනවා නේද???

Narada said...

ඔය වගේම මහාචාර්‍ය නලින් ද සිලවා කියා තියෙනවා නේද? එතුමගේ ඇතැම් මුලධර්මවාදි අදහස් වලට එකඟ නොවුවත් මේවැනි දේශනාවලට එකඟ විය හැකියි.

Post a Comment