Sunday, October 18, 2009

සදහටම file delete කිරීම..

හෆ්ෆා.. කාලෙකට පස්සෙ ආයෙත් ලියන්න ගත්ත. අම්මප මේ ටෙක්නිකල් දේවල් ලියල ලියල මටත් දැං එපා වෙලා තියෙන්නෙ හැබැයි ඉතිං ගොඩක් දෙනාගෙ ඉල්ලීම පිට මගේ මේ බ්ලොග් එකේ ටෙක්නිකල් දේවල් ටිකක් වැඩිපුර ලියන්න තීරණය කොරා. අනෙක් අදහස් වෙන බ්ලොග් එකක ලියනව හැබැයි මේකෙත් ඉදල හිටල වෙන මොනා හරි විකාරයක් දෙකක් ලියන්න තමයි හිතන් ඉන්නෙ. හරි කොහොම කොහොම හරි අදත් ඕං ලියන්න යන්නෙ Linux වල පොඩි ජිංජිබිරිස් එකක් තමයි....

අපි කවුරුත් දන්නවනෙ file එක්ක delete කල පළියට ඒක hard එකෙන් මැකිල යන්නෙ නෑ කියල ඒක්දි වෙන්නෙ වෙන file එකක් එතනට ලියවෙනකං ඒක ලබාගෙන හිටපු මතක ප්‍රමාණය නිදහස් කරන එකනෙ. ඒ හේතුව නිසා තමයි අපිට delete කරපු files recover කරගන්න පවා පුළුවන් වෙන්නෙ (ලිනක්ස් වලදි file recover කරගන්න විදිය ගැන මම ලියපු මෙන්න මේ ලිපියත් කියවල බලන්න කෝ.) ඉතිං මම අද කියන්න යන්නෙ file එකක් සදහටම hard එකෙන් එකවර delete කරගන්න ක්‍රමයක් ගැන.

මේකෙදි අපි පාවිච්චි කරන්නෙ shred කියන වැඩසටහන.
මුලින්ම terminal එක අරගෙන

shred -f -v -u file_to_delete.something

මෙහි : f -: අවශ්‍යනම් write permission සෑදීමට
v -: මෙමඟින් ටර්මිනලය මත සිදුවන ක්‍රියාවලිය පෙන්වයි (මෙම -v නොමැතිවුවද ප්‍රශ්නයක් නැත)
u -: file එක ඉවත් කිරීම.

නෝටිලස්ට shred එක් කිරීම

මුලින්ම terminal එකේ

sudo apt-get install nautilus-actions 

කියල කොටල nautilus-actions කියන එක install කරගන්න.
ඊට පස්සෙ System --> Preferences --> Nautilus Actions Configuration ගොස් ලැබෙන සංවාද කොටුවෙහි Add ඔබන්න.


(පේනව මදිනං පින්තූරෙ උඩ ඔබන්න..)

දැං nautilus restart කරන්න........


 

9 අදහස්:

තරිදු අබේදීර::Tharindu Abeydeera said...

ela ela great post really useful thanku hode :)

Unknown said...

අර FB එකේ ලියන කවි වගේ දේවල් මේකෙත් ලියපන්...

kesh said...

ඇත්තටම මං ඒව ලියන්නෙ වෙනම බ්ලොග් එකක තමයි. ඒ බ්ලොග් එකෙන් notes විදියට FB එකට post වෙනව :
මෙන්න ඒ බ්ලොග් එක :
http://keshlectures.blogspot.com

CharithD said...

Sweet "Lecture Notes"

Nice.......

ශාකුන්තල | Shaakunthala said...

එළ පෝස්ට් එක... මෙච්චර කල් ෆුල් ටයිම් බුවෙක් වෙලත් ඔය ටූල් එක ගැන දැනං හිටියෙ නෑනෙ.

"අපි කවුරුත් දන්නවනෙ file එක්ක delete කල පළියට ඒක hard එකෙන් මැකිල යන්නෙ නෑ කියල ඒක්දි වෙන්නෙ වෙන file එකක් එතනට ලියවෙනකං ඒක ලබාගෙන හිටපු මතක ප්‍රමාණය නිදහස් කරන එකනෙ."

මේ ගැන පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. ෆයිල් එකක් කියන්නෙ disk එකේ තියෙන බයිට්ස් වලින් හැදුණු එකතුවක්. Filename කියන්නේ මේ 'බයිට් එකතුව'ට තියෙන ලින්ක් එකක්. ඕනේ නම් එක ෆයිල් එකට නම් එකකට වඩා තියෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් delete කරද්දි වෙන්නෙ මේ link එක delete කරන එක. ඇත්තටම තියෙන බයිට්ස් වලට මොකුත් වෙන්නෙ නැහැ. අළුත් file එකකට ඉඩ ඕනෙ වුණාම කර්නල් එකෙන් මේ ලින්ක් ගණන 0 වෙන 'බයිට් එකතුවක්' overwrite කරනවා. Recover කරන්න පුළුවන් වෙන්නෙ මේ හේතුව නිසයි.

kesh said...

@ ලියන මහත්තය, තැන්කූ මචං

වැරැද්ද නිවැරදි කිරීම ගැන ස්තූතියි ශාකුන්තල අයියේ.. :)

Kalpa Gamage said...

ado sodi,
this is awesome machan..great work
umba diha baladdi api tawa kochchara dewal igenagannoneda kiyala hitenawa...
im kalpa malhotra here

kesh said...

thnx Kalpa... nice to see you commenting here :)

Anonymous said...

sinhalata giya kala ado mata sinhala type karana hati kiyapanko. nadda ban sinhala nikan me vidihata type karana vidihak??? mata sampradaaika krama diravanne neee! (-_-* )o0

Post a Comment