Tuesday, February 17, 2009

මගේ වතගොත....

මගේ කලින් බ්ලොග් එක කියවපු අය සමහර විට මම ගැන නොදන්නව වෙන්න පුලුවන් මොකද මට මම ගැන විස්තරයක් දාන්න බැරි උනා නෙ। අනේ එකට මට සමාවෙන්න।
හොදයි එහෙනම් මම අද මම ගැන පොඩි විස්තරයක් කියන්නම්।ඔන්න එහෙනම් අහගන්නකෝ......

මම ක්‍රි।ව එක් දහස් නවසිය අසූ අටේ නොවැම්බර් මාසෙ පස් වෙනිද ගාල්ලෙදි තමයි ඉපදුනෙ තාමත් මේ බ්ලොග් එක ලියන වෙලවෙත් මම ජීවත් වෙනව। ඊට පස්සෙ මගේ ගම ඒකියන්නෙ හම්බන්තොට තමයි පොඩි කාලෙ ජීවත් උනේ ඒ කියන්නෙ මම පහ වසරෙ ශිෂ්‍යත්ව විභාගෙන් සමත් වෙලා තමයි කොළඹ ආනන්ද විද්‍යාලයට ආවෙ එදා ඉදන් මම මේ වෙනකන් කොළඹම තමයි ජීවත් වෙන්නෙ කොහොමවුනත් නිවාඩු වට වගේ ගම පෙත්තෙ ගිහින් එනව।
මම ඉස්කෝලෙ ඉගනගන්න කාලෙ කවදවත් හිතුවෙ නෑ මේ විදියට කොම්පියුටරේට කොට කොට ඉදිවිය කියල। ඒත් උසස් පෙළ විභාගෙන් පස්සෙ මොකද මන්ද මට ජාවා කරන්න හිතුනා කොහොමහරි එතකොට මට කොම්පියුටර ගැන මහ දැනුමක් තිබ්බෙත් නෑ (දැන්නම් යන්තම් පොඩ්ඩක් දන්නව) කොහොමහරි අමාරුවෙන් ජාවා ටික ගොඩ දාගෙන ඉන්න අතරෙ තමයි මම කැම්පස් තේරුනේ।ඉතින් මම සතුටින් ආව කොළඹ විශ්වවිද්‍යාලයීය පරිඝනක අධ්‍යනායතනයට ඉතින් දැන් මගේ ගෙදර කැම්පස් එක තමයි।

ඉතින් ඔය මම ගැන පොඩි විස්තරයක් හ්ම්........... එහෙනම් මගේ කොලමට මම දිගටම ලියන්නම් ආසනම් කියවන්න නැත්තම් ඒත් කියවන්න කියවල මොනවහරි තියෙනවනම් මට ඒකත් කියන්න.

එහෙනම් ඔක්කොටම,

තෙරුවන් සරණයි !!!

5 අදහස්:

ආගන්තුකයා | Stranger said...

එල මලයා ලියපන් ලියපන්... අපි කියවනවා... සිංහල කියවනයට දැම්මද... එල අපි කියවනවා... ස්පිරිස්ති...

ආගන්තුකයා | Stranger said...

කරදරයක් නෙමෙයිනම් Word verification එක අයින් කරලා දානවද...?

kesh said...

සමාවෙන්න ඕන අයියෙ මේ word verification කියල කියුවෙ මොකක්ද?

kesh said...

අයියෙ මම බ්ලොග්ස්පොට් එකට අලුත්නෙ ඒනිසා තාම මඤඤO වගේ කොහොමහරි අද මම word verification එක හොයාගත්තා එක අයින් කරල දැම්මා. ඒ ගැන කියුවට ස්තූතියී~~

Unknown said...

මචං POST එක ලියලා publish කරන්න කලින් පාරක් කියවලා බලපන් තරහ නැතුව. සමහර තැන්වල වැරදි තියනවා. දන්නවනේ අනුන්ගෙ ඇහේ තියන පොල් පරාලය දකින අය ඔන තරම් ඉන්න බව.

Post a Comment