Saturday, March 21, 2009

Compiz Fusion, Windows වලටත්....

මේ දවස්වල ටිකක් වැඩ වැඩි නිසා බ්ලොග් ලියන්නත් බැරිඋනා කොහොමහරි අද මට හිතුන තාක්ෂණික දෙයක් ලියන්න. මම open source මනුස්සයෙක් නෙ ඉතිං windows ගැන වැඩි යමක් නම් දන්නෙ නෑ එත් ඉතිං Windows අතාරින්නත් බෑ නෙ. ඉතිං ubuntu වලට අමතරව දැන් මම අයෙත් Windows ටිකක් ටිකක් පාවිච්චි කරනව. ඉතිං ඔහොම කරගෙන යද්දි මට ඕන උනා Compiz fusion වගේ දෙයක් Windows වලටත් දමන්න. උත්සාහවන්තයා ජයගනී කියල කතාවකුත් තියෙනවනෙ ඉතිං මම හොයා ගත්ත ඒකට ක්‍රමයක්...

DeskHedron



Ubuntu වල වගේ Desktop cube එකක් කරකවන්න ඕන නම් DeskHedron කියන පොඩි application එක පාවිච්චි කරන්න පුළුවන්.ඔන්න ගිහින් බාගන්නකො ඉට පස්සෙ ඒ file එක extract කරල ඇතුලෙ තියෙන .exe file එක run කරන්න. එතකොට taskbar එකට අළුත් icon එකක් ඒවි ඒක උඩ right click කරල desktop ගණන වැඩි කරන්න ඉට පස්සෙ ඒ icon එක උඩ click කළාම desktop කරකවන්න පුළුවන්. desktop ගණන වැඩි කර කර බලන්න කොහොමද කියල.



ආ... තව දෙයක් මම පාවිච්චි කරන්නෙ Windows XP හැබැයි Windows 7 theme 1ක් තමයි දාල තියෙන්නෙ.

තව වැඩ ටිකක් තියෙනව window ඒව flip කරනව වගේ දේවල් ඒව මම ඊළගට ලියන්නම්

එහෙනම් මම ගිහින් එන්නම්.

2 අදහස්:

ශාකුන්තල | Shaakunthala said...

ඔව් මමත් ඕක දැක්ක.. Foss Rocks!

vpsupun said...

ම්... වැ‍ඩේ නම් හොඳයි තමා. ‍ඒත් ඒක compiz වලට කිට්ටු වෙන්නවත් ‍බෑ. මම දැන් ඒක දාල බැලුව.. ඒක කරන්නේ Desktop එකේ snapshot එකක් අරගෙන ඒකේ copies කිපයක් හදල ‍දෙන එක. හොඳට බැලුවොත් තේරෙනවා, එකේ switch Desktop කරන වෙලාවට Render වෙන්නේ නෑ. movie එකක් play වෙන ගමන් උත්සාහ කරල බලන්න.. snapshot එකක් විතරයි එන්නේ. මම දන්නේ නෑ මගේ Video Card අවුලක්ද කියල. ම‍ට තේරෙන විදියට Nvidia Graphic card වලත් ඒක ‍කරන්න බෑ. Comz Z da Best .... :)

Post a Comment