Sunday, March 1, 2009

Cyber ජි්විත සහ මූණුපොත

මම මේක ලියන්න ගත්තෙ වෙන මුකුත් නිසා නමෙයි. අපේ උන් FaceBook එකේ ඕනවට වඩා කාලය කන එක බලන් ඉන්න බැරි කමටමයි.

ඇත්තම කිවුවොත් FaceBook නරක නෑ මොකද ඒක ඉතාමත් හොද සංකල්පයක් සහ එයින් අපට වාසි රැසක්ම ලැබෙන නිසා.නමුත් ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ කියල කතාවක් තියෙනවනෙ. අපේ උන් කියෙන් කි්දෙනාද ඕක හොද පැත්තට විතරක් පාවිච්චි කරන්නෙ ගොඩක් අය බැලුවොත් chatting. ඇත්තටම chat කිරිල්ලත් හොදයි ඒත් ඉතින් සි්මාවක් ඇතුව.
දැන් වෙනකොට ගොඩක් hackers ලගෙ තෝතැන්නක් බවට මූණුපොත පත්වෙලා තියෙනව මොකද කියුවොත් social engineering ක්‍රම පාවිච්චි කරලා ගොඩක් දෙනෙක "අන්දන්න" පුලුවන්නෙ.අනික මුණුපොතෙන් අපි අපේ හැම පුද්ගලික දෙයක්ම "එළියට" දෙනවනෙ (මං හිතන්නෙ ළගදි මොකද්ද privacy policies වල වෙනසක් කළාද කොහෙද මං නං එච්චරම ඕව දන්නෑ.) ඒත් ඉතිං සි්මාව ඉක්මවා ගිහින් වෙච්ච නස්පැත්ති ගැන articles වගයක් මට කියවන්න ලැබුන. වෙලාවක් තියෙනවනම් කියවල බලන්න.

Facebook and MySpace : raising the risk of cancer
Facebook post "i feel like killin someone" proves true
Too much Facebook make teenage girls depressed
Facebook poke leads to divorce
world first Facebook divorce
He wanted to check Facebook so he stole a laptop
British soldiers cautioned about social networking

දැන් මොකද හිතන්නෙ ඔබේ අදහසත් කියන්නකො..............

6 අදහස්:

ශාකුන්තල | Shaakunthala said...

කෝ මේ සුපුන් සුදාරක... සුසුට හම්බවෙලා තිබුණ ඔතනට එන්න ඕන තව article එකක්. :D

CharithD said...

අද තමයි නිස්කලන්කව කියෙව්වෙ...එළ...

පිටස්තරයා said...

ස්තූතියි මල්ලී... මමත් මගේ privacy settings ටිකක් වෙනස් කලා..

said...

මට නම් මේක වසංගතයක්. අවාසනාවට මාත් ගොදුරුවෙලා ඉන්නේ.

kesh said...

ඒක ඇත්ත ඒක නිසා මම ඒ වසංගතයෙන් ඈත් උනා මම මගේ FaceBook profile එක deactivate කරල දැම්ම. දැන් මම නිදහස්.....

madura said...

දාන්න 5ක් ලොල් මාත් ඉවත් උනා මට නම් මහා කාලෙ කාදමන වැඩක් ප්‍රධානම ප්‍රශ්නය වෙලා තියෙන්නෙ මේ අපේ උන්ගේ මල් කැඩිල්ල, කවදාවත් දැක්කෙ නැති පොටෝ එක සත්‍ය එකක් ද කියලාවත් හොයන්නේ බලන්නේ නැතුව ලයිට් බිල් ටැලිපෝන් බිල් අහස උසට යද්දී ඔහේ මල්ම කඩනවා ලොල්
මේවගේ පෝස්ට් දාන එක හොදයි මේ අයට මේවගේ තියෙන වැඩකට නැති බව තේරුම් කරන්න. CIA database එකට ෆේස්බුක් ලින්ක් කරලා ලු තියෙන්නෙත්!

Post a Comment